Home News Breaking අකුරට වැඩ කිරීම නිසා පෙබරවාරි මාසයට අදාළ ජල බිල්පත් බෙදාහැරීම නවතියි

අකුරට වැඩ කිරීම නිසා පෙබරවාරි මාසයට අදාළ ජල බිල්පත් බෙදාහැරීම නවතියි

256 views
SHARE

සිය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් පෙබරවාරි මාසයට අදාළ ජල බිල්පත් ලක්ෂ 9කට අධික ප්‍රමාණයක් බෙදාහැරීම අඩාල වී ඇතැයි ජල සම්පාදන මණ්ඩලයේ මනු සටහන්කරුවන්ගේ සංගමය පවසනවා.

කොන්ත්‍රාත් පදනම යටතේ බඳවා ගත් මනු සටහන්කරුවන් ස්ථීර කිරීම ඇතුළු ඉල්ලීම් 10 ක් මුල් කර ගනිමින් පසුගිය 17 වන දා අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කරනු ලැබුවා.

ජල සම්පාදන මණ්ඩලයේ මනු සටහන්කරුවන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් සෙනරත් අර්ථජීව පැවසුවේ බලධාරීන්ගෙන් නිසි විසඳුම් නොලැබීම හේතුවෙන් අඛණ්ව සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බවයි.

මේ අතර වැටුප් ගැටලුවක් මුල් කර ගනිමින් ජල සම්පාදන මණ්ලයේ ඉංජිනේරු ඩිප්ලෝමාධාරින්ගේ සංගමය සහ කාර්මික නිලධාරීන්ගේ සංගමය පසුගිය 9 වන දා ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ද අඛණ්ඩව ක්‍රියාත්මක වනවා.

එම වෘත්තීය සමිතියේ සභාපති උපාලි රත්නායක පැවසුවේ සිය වර්ජනය හේතුවෙන් දිවයින පුරා නඩත්තු කටයුතු රැසක් අඩාලවී ඇති බවයි.

ඊට ප්‍රතිචාර දැක් වු ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලයේ සභාපති අලහුඩින් අන්සාර් කියා සිටියේ කිසිදු බාධාවකින් තොරව ජල සැපයුම සිදු වන බවයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site