Home News Breaking ජනපති ඉන්දුනීසියාව බලා පිටත්ව යයි

ජනපති ඉන්දුනීසියාව බලා පිටත්ව යයි

224 views
SHARE

ඉන්දියානු සාගර කලාපීය රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (06 දා) උදෑසන 07.35ට සිවු දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් සමඟ ශ්‍රී ලංකන් එයාර් UL-364 ගුවන් යානයෙන් ඉන්දුනීසියාව බලා පිටත්ව ගියා.

ඉන්දියානු සාගර කලාපයේ පිහිටි රාජ්‍යයන්ගේ තිරසර හා සමබර සංවර්ධනය අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක වන ඉන්දියානු සාගර කලාපීය රටවල සංවිධානයේ 20 වන සංවත්සරය සැමරීමට සමගාමීව මෙවර රාජ්‍ය නායක සමුළුව උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙන බවයි සඳහන් වන්නේ.

මේ අතර ශ්‍රී ලංකාව හා ඉන්දුනීසියාව අතර ධීවර හා කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රයේ ගිවිසුම් 2 කට ද ජනාධිපතිවරයා මෙම සංචාරයදී අත්සන් තැබීමට ද නියමිතව තිබෙනවා.

ශ්‍රී ලංකා – ඉන්දුනීසියා ජනාධිපතිවරුන්ගේ නිල හමුව අනිද්දා මර්ඩෙකා පැලස්හිදී සිදු වීමටද නියමිතයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site