Home News Breaking ඒඩ්ස් රෝගීන් හඳුනාගැනීමේ අලුත්ම වැඩපිළිවෙළ මෙන්න

ඒඩ්ස් රෝගීන් හඳුනාගැනීමේ අලුත්ම වැඩපිළිවෙළ මෙන්න

989 views
SHARE

දිවයින පුරා පිහිටි සියළු මූලික රෝහල් වල ලිංගාශ්‍රිත රෝග ඒකක ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේනවා .

ලිගාශ්‍රිත රෝග හා එච්.අයි.වී ඒඩ්ස් මර්ධන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ සඳහන් කළේ ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පළාත් සහ දිස්ත්‍රීක් සෞඛ්‍ය බලධාරීන් වෙත දැනුම් දී ඇති බවයි .

එච්.අයි.වී ආසාදිතයින් හඳුනාගැනීමේ වැඩපිළිවෙළ තවදුරටත් පුඵල් කිරීම මෙහි අරමුණ බව වෛද්‍ය සිසිර ලියනගේ පවසයි.

මෙම වැඩපිළිවෙලේ පළමු අදියර ලෙස තෝරාගත් මුලික රෝහල් කිහිපයක ලිංගාශ්‍රීත රෝග ඒකක පිහිටුවීමට සැළසුම් කර තිබේනවා .

ඒ අනුව හෝමාගම, තංගල්ල, ඇඹිලිපිටිය, ගම්පොළ, පදවිය, ගල්ගමුව, දඹුල්ල යන රෝහල් වල එම ඒකක පිහිටුවීමට සැළසුම් කර ඇති බව වෛද්‍ය සිසිර ලියනගේ සඳහන් කළා .

මේ අතර මෙම වසරේ ගතවූ පළමු මාස දෙක තුළ එච්.අයි.වී ආසාදිතයින් 50 දෙනෙකු පමණ හඳුනාගෙන තිබේ.

ඉන් බහුතරයක් පිරිමි පුද්ගලයින් වන අතර ඔවුන් අවුරුදු 25ත් 45ත් අතර වයසේ පසුවන පුද්ගලයින් බව වෛද්‍ය සිසිර ලියනගේ සඳහන් කළා .

මෙම පිරිසෙන් වැඩි දෙනෙකු සම ලිංගික සබඳතා පවත්වන පුද්ගලයින් බවද අනාවරණය වී තිබේනවා .

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site