Home News Breaking දඹුල්ල රෝහලේ පසු ප්‍රසව ලූපය පැළඳවීම අත්හිටුවයි

දඹුල්ල රෝහලේ පසු ප්‍රසව ලූපය පැළඳවීම අත්හිටුවයි

269 views
SHARE

දඹුල්ල රෝහලේ ක්‍රියාත්මකවූ දරු ප්‍රසූතියෙන් පසු පැය 48 ක් ඇතුළත පළඳවන පසු ප්‍රසව ලූපය පැළඳවීම තාවකාලිකව අත්හිටුවන බවත්, අනෙකුත් අත්‍යවශ්‍ය පවුල් සැලසුම් ක්‍රම රෝගියාගේ කැමැත්ත ලිඛිතව ලබාගෙන වෛද්‍ය අධිකාරිවරයා වෙත යොමු කොට අනුමැතිය ලබාගෙන පමණක් සිදු කිරීමට තීරණය කළ බවත් දඹුල්ල රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය චාල්ස් නුගවෙල සඳහන් කරනවා.

ඊයේ (08) උදෑසන දඹුල්ල ප්‍රදේශයයේ විහාරස්ථාවල වැඩසිටින භික්ෂුන් වහන්සේලා, අලුත්ගම උපනන්ද හිමියන් ඇතුළු සිවිල් සංවිධාන නියෝජිත කණ්ඩායමක් දඹුල්ල රෝහලට පැමිණ වෛද්‍ය අධිකාරිවරයා ඇතුළු පිරිසක් සමග සාකච්ඡා පැවැත්වුවා.

එහිදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් දොස්තර ජයසුන්දර බණ්ඩාරගේ වාචික නියෝග මත ඉහත තීරණයට එළඹි බව වෛද්‍ය අධිකාරිවරයා ලිඛිතව පැමිණි පිරිසටද දැනුම් දුන්නා.

තවද දැනට සිදුකරන පරීක්ෂණ කටයුතු කඩිනම් කිරීමටත්, පසුගිය කාලයේ දඹුල්ල රෝහලේ දරු උපත් සිදුකොට පවුල් සැලසුම් ක්‍රියාවට ලක්වූ මව් වරුන්ගේ නිවෙස් වලට ගොස් ඒවා බලහත්කාරයෙන් කළේද යන්න ලිඛිතව විස්තර ලබාගැනීමට තීරණය කල බවත් සඳහන්.

දින කීපයක සිට දඹුල්ල මුලික රෝහලේ ගැබිණි වාට්ටුවේ දරු ප්‍රසූතියෙන් පසු රෝහලෙන් පිටව යන මව් වරුන්ට බලහත්කාරයෙන් දරු උපත් පාලනය කරන උපකරණයක් ශරීරයට සවි කරන බවටත්, උපකරණය සවි කිරීමට අකමැති මව්වරුන්ට නිවෙස් වලට යාමට නොදී දින ගණන් රෝහලේ වාට්ටු තුළ අලුත උපන් දරුවාද සමග බලහත්කාරයෙන් රඳවා ගන්නා බවටත් චෝදනා කරමින් ඉකුත් 5 වෙනිදින මව්වරුන් හා පියවරුන් විසින් බලධාරීන්ට පැමිණිලි කරනු ලැබුවා.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site