Home News Breaking බන්දුල අද ජනපති කොමිසම හමුවට යන හේතුව

බන්දුල අද ජනපති කොමිසම හමුවට යන හේතුව

174 views
SHARE

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ ජනපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන කැඳවා තිබේනවා .

එම කොමිසම සඳහන් කළේ, උදෑසන 10.00 ට ඔහු කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිත බව යි .

බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා සතුව ඇතැයි කියන සියලු ලිපි ලේඛන කොමිසමට ඉදිරිපත් කරන ලෙස ද ඔහුට දැනුම් දී තිබේ.

මීට අමතරව මහ බැංකුවේ නිලධාරින් දෙදෙනෙකු ද සාක්ෂි ලබා දීම සඳහා අද කොමිසම හමුවට කැඳවා තිබේනවා .
මේ අතර බැඳුම්කර වෙන්දේසියකින් අනතුරුව සූදානම් කරන ලංසු ලේඛනය පිළිබඳව ඊයේ ජනාධිපති කොමිසමේ අවධානය යොමු විය.

ඒ අනුව රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ, වත්මන් අධිකාරි හා රෙජිස්ට්‍රා ලෙස සේවය කරන ටී.එච්.බී. සරත්චන්ද්‍ර කොමිසම ඉදිරියේ ඊයේ සාක්ෂි ලබා දුන් අතර ඔහු පැවසුවේ වත්මන් තනතුරට පත්කිරීමෙන් අනතුරුව බැඳුම්කර වෙන්දේසියකින් පසුව පිළියෙල කරන ලංසු පතෙහි ලංසු තබන්නන්ගේ නම් පළ නොකිරීමට පියවර ගත් බව යි .

බැඳුම්කර වෙන්දේසි සම්බන්ධයෙන් වෙළෙඳපොළට නිකුත් කරන තොරතුරු සීමිත බව ද ඔහු හරස් ප්‍රශ්න හමුවේ කියා සිටියා .

2015 පෙබරවාරි 27 ප්‍රශ්නගත බැඳුම්කර වෙන්දේසියෙන් පසුව මහ බැංකුවේ ඉහළ අධිකාරිය කිසිදු පියවරක් නොගත් බව ත් මානව සම්පත් දෙපාර්තමේන්තුව ස්ථාන මාරුවීම් කිහිපයක් පමණක් සිදුකළ කළ බව ත් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ අධිකාරීවරයා වැඩිදුරටත් සාක්ෂි ලබා දෙමින් පැවසී ය.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site