Home News International වෛද්‍යවරුන් ලෙස වෙස්වලා ගත් IS ප්‍රහාරය PHOTOS

වෛද්‍යවරුන් ලෙස වෙස්වලා ගත් IS ප්‍රහාරය PHOTOS

207 views
SHARE

වෛද්‍යවරුන් ලෙස සැරසුණු ත්‍රස්තවාදීන් කණ්ඩායමක් ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර විශාලතම හමුදා රෝහලට කඩා වැදී එහි කාර්යය මණ්ඩල සාමාජිකයින් ඇතුළු රෝගීන් 30 දෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබේනවා .

ඇෆ්ගනිස්ථාන ආරක්ෂක අමාත්‍යංශය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, වෙඩි තැබීමෙන් පුද්ගලයින් 50 දෙනෙකු තුවාල ලබා ඇති බව යි .

ප්‍රහාරය එල්ල වූ සාඩාර් ඩෝඩ් රෝහල ඇඳන් 400කින් සම්න්විත කාබුල්හි පිහිටි ප්‍රධාන පෙළේ රෝහලකි.

රෝහල් පිවිසුම අසලදී බෝම්බයක් පුපුරුවා හරිමින් ගිනිඅවි සහ අත්බෝම්බ ද අතැතිව ත්‍රස්ත කණ්ඩායම රෝහල තුළට ඇතුළු වී ඇත.

ප්‍රහාරය වාර්තා වීමත් සමග රෝහලේ වහලය මතට පැමිණි කමාන්ඩෝ සෙබළුන් සහ ත්‍රස්තවාදීන් අතර පැය කිහිපයක් සටන් පැවතී ඇති අතර අවසානයේ කමාන්ඩෝ සෙබළුන් විසින් ත්‍රස්තවාදීහු සිව් දෙනා ඝාතනය කර තිබේනවා .

තලේබාන් සංවිධානය ප්‍රහාරයට තමා කිසිදු සම්බන්ධයක් නොමැති බව පැවසීමත් සමග IS ත්‍රස්වාදීන් ප්‍රහාරයේ වගකීම භාර ගත්තා

මේ අතර ඇෆ්ගනිස්ථාන ජනාධිපති අෂ්රෆ් ගානි පවසන්නේ, මෙම මිලේච්ඡ ප්‍රහාරය සියලු ම ආකාරයේ මිනිස් වටිනාකම් පාගා දැමීමක් ලෙස තමා දකින බව යි .

තව ද මෙය රෝහලට පමණක් කළ ප්‍රහාරයක් නොව මුළු ඇෆ්ගනිස්ථානයට එල්ල වූ ප්‍රහාරයක් බව ද ජනාධිපතිවරයා පවසා තිබේනවා .

 

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site