Home C Gossip සමයංගේ ඝාතකයා ඇඟිලි සලකුණු ඔස්සේ හෙළිවුණේ මෙහෙමයි

සමයංගේ ඝාතකයා ඇඟිලි සලකුණු ඔස්සේ හෙළිවුණේ මෙහෙමයි

666 views
SHARE

පසුගියදා බන්ධනාගාර බස් රථයකදී ඝාතනයට ලක්වූ සමයං නැමැති පාතාල නායකයාගේ ඝාතකයින් සොයා පොලිසිය දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කරනු ලැබුවා.

මෙම ඝාතනයන්ට සැකකරුවෙක් ලෙසින් පොලිසිය නම් කර තිබුනේ අංගොඩ ලොක්කා නම් පාතාල නායකයා වන අතර මේ වන විට එම ඝාතන සැලසුම මෙහෙය වූ බව කියන අංගොඩ ලොක්‌කා නමැති පාතාල නායකයාගේ ඇඟිලි සලකුණු ප්‍රහාරයෙන් පසු පිරිස පලා ගිය වෑන් රථයේ සටහන්ව තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

ඒ අනුව අංගොඩ ලොක්‌කා පෞද්ගලිකවම මෙම ප්‍රහාරයට පැමිණ එය මෙහෙයවා ඇති බවට සාක්‍ෂි ලැබී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළා.

අංගොඩ ලොක්‌කාගේ ඇඟිලි සටහන් පොලිස්‌ අපරාධ වාර්තා කොට්‌ඨාසය සතුව තිබූ අතර වෑන් රථයෙන් සොයාගත් ඇඟිලි සටහන් අංගොඩ ලොක්‌කාගේ බවට තහවුරු වී තිබෙනවා.

මෙම ප්‍රහාරය එල්ල කළ අංගොඩ ලොක්‌කා ඇතුළු පාතාල කල්ලිය මේ වනතුරුත් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී නෑ.

මොවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස්‌ කණ්‌ඩායම් 07 ක්‌ යොදවා ඇති අතර ප්‍රදේශ ගණනාවක්‌ පීරමින් මොවුන් සෙවීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කෙරෙනවා.

අංගොඩ ලොක්කා හා සමයං අතර ආරවුල පසුගිය කාලය පුරාම උඩුදුවමින් තිබුණු අතර තමන්ට කළ කී දේවල් වෙනුවෙන් කවදා හෝ සමයංගෙන් පලිගන්නා බව සඳහන් කර තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site