Home News Breaking කෝටි 15ක හෙරොයින් තොගය සොයා ගත් ග්‍රෑන්ඩ්පාස් පොලිස් නිලධාරීන්ට මොකද වුණේ ?

කෝටි 15ක හෙරොයින් තොගය සොයා ගත් ග්‍රෑන්ඩ්පාස් පොලිස් නිලධාරීන්ට මොකද වුණේ ?

159 views
SHARE

රුපියල් කෝටි 15ක පමණ හෙරොයින් තොගයක් අත්අඩංගුවට ගත් ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයා සහ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා විශේෂ ඇගයීමකට ලක් කිරීමට සුදානම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි සඳහන් කළා.

විශාල ප්‍රමාණයේ මත්ද්‍රව්‍ය වැටලීම් සාමාන්‍යයෙන් කරන්නේ ඊටම විශේෂ වූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයෙන් බවත්, වෙනත් රාජකාරි අතරතුර ග්‍රෑන්පාස් පොලිසියේ නිලධාරීන් තිදෙනා කළ මෙම වැටලීම සුවිශේෂීකොට සලකන බවත් ඔහු ප්‍රකාශ කළා.

හෙරොයින් ජාවාරමට සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනා දින හතකට අධිකරණයෙන් ලබා ගත් රැඳවුම් නියෝග මත පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ රඳවාගෙන ප්‍රශ්න කරන බව ද නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩි දුරටත් සඳහන් කළා.

නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙම අදහස් පලකළේ කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින්.

ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ උප පොලිස් පරීක්ෂක බී. ඒ. ඊ. පී. ලක්සිරි, පොලිස් කොස්තාපල්වරුන් වන ඩබ්ලිව්. ඒ. පී. එස්. කුමාර (84832) සහ ඒ. එස්. එච්. ධර්මසිරි (83766) යන නිලධාරීන් මෙම වැටලීම සිදු කළා.

කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක ද මෙම මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මෙසේ ද කියා සිටියා.

“උප පොලිස් පරීක්ෂක ලක්සිරි තරුණ නිලධාරියෙක්. මෙතරම් විශාල වැටලීමක් කරන්න පුළුවන් වුණේ ඔහු ඇතුළු පොලිස් නිලධාරීන් තුන් දෙනාගේ විමසිලිමත්කම නිසයි. මත්ද්‍රව්‍ය සමග කෝටි ගණනක දේපළත් සොයා ගත්තා. මෙම ජාවාරම කරගෙන ගොස් තිබුණේ බුදු මැදුරක්, දේවාලයක් දාගෙනයි. සැකකරුවන් සතුව තිබුණු රුපියල් අසූ ලක්ෂයක පමණ මුදලක් ද සොයා ගැනීමට හැකි වුණා.”

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site