Home News Breaking සැකකටයුතු ගිණුමක් ගැන මහ බැංකුවෙන් පැමිණිල්ලක්

සැකකටයුතු ගිණුමක් ගැන මහ බැංකුවෙන් පැමිණිල්ලක්

182 views
SHARE

සැකකටයුතු ගිණුමක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ.

අදාළ බැංකු ගිණුම් සම්බන්ධයෙන් රැක් ඇමෝටෙක් නැමැති සමාගමේ අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන කාන්තාවකගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙනවා.

අනතුරුව මේ පිළිබඳව සිදු කළ වැඩිදුර විමර්ශනවල දී නයිජිරියානු සහ අමෙරිකානු ජාතිකයින් යොදවා මෙරට තුළ සිදු කරන ආයෝජන වෙනුවෙන් මුදල් ගෙන්වා ගැනීම් කටයුතු සිදු කරන පානදුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුද අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය සඳහන් කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් නයිජිරියානු ජාතිකයෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් දෙදෙනා ලබන 21 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන බවයි වාර්තා වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site