Home News Breaking SLS නොමැති ගිනිපෙට්ටි තොගයකට මුද්‍රා තබයි

SLS නොමැති ගිනිපෙට්ටි තොගයකට මුද්‍රා තබයි

235 views
SHARE

ප්‍රමිතියකින් තොරව නිෂ්පාදනය කල ගිනිපෙට්ටි තොගයක් මහනුවර අලදෙණිය හා පල්ලේකැලේ යන ප්‍රදේශ වලින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කල වැටලීමකදී SLS සහතික නොමැති ගිනිපෙට්ටි 1,590,000 තොගයක් සොයා ගත් බවත් මේ වන විට එම ගිනිපෙට්ටි තොගයට මුද්‍රා තබා ඇති බවයි වාර්තා වන්නේ.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් සඳහන් කලේ ඔවුනට තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවයි.

මෙම ප්‍රමිතියෙන් තොර ගිනිපෙට්ටි තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 95ක් වන බවද වාර්තා වනවා.

මේ අතර ප්‍රමිතියෙන් තොර යකඩ කම්බි හැදු ගම්පහ කර්මාන්තශාලාවකට හා යකඩ අලෙවි සැලකට පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් මුද්‍රා තබා තිබෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් වැඩි දුරටත් සඳහන් කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site