Home News Breaking කටුගස්තොට රෝහලකදී කාන්තාවක් මියයාම නිසා වෛද්‍යවරයා අධිකරණයට භාර වෙයි

කටුගස්තොට රෝහලකදී කාන්තාවක් මියයාම නිසා වෛද්‍යවරයා අධිකරණයට භාර වෙයි

317 views
SHARE

මහනුවර, කටුගස්තොට පෞද්ගලික රෝහලකදී ශල්‍ය කර්මයකින් අනතුරුව කාන්තාවක මිය යාම සම්බන්ධයෙන් වගකිවයුතු ව්‍යෛවරයා ඊයේ පස්වරුවේ අධිකරණය වෙත ඉදිරිපත්ව තිබේනවා .

පොලීසිය පැවසුවේ, අදාළ වෛද්‍යවරයා නීතිඥයෙකු මාර්ගයෙන් එලෙස අධිකරණයට ඉදිරිපත් වූ බව යි .

පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු ඔහු ඇප මත නිදහස් කර ඇතැයි පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළා .

ශල්‍යකර්මයක් සඳහා නිර්වින්දන ‍එන්නත ලබා දීමෙන් අනතුරුව එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, මහනුවර සුදුහුම්පොළ, විහාර මාවතේ පදිංචි 25 හැවිරිදි තිදරු මවකි.

ඇය ඊයේ පෙරවරුවේ රෝහල්ගත වී ඇත්තේ, අර්ෂස් රෝගය සඳහා ශල්‍යකර්මයක් කිරීම සඳහා යි .

පොලීසිය පැවසුවේ, ශල්‍යකර්මයට අදාළව නිර්වින්දනය කිරීම සඳහා එන්නතක් ලබාදීමෙන් අනතුරුව ඇය මියගොස් ඇති බව යි .

මිය ගිය කාන්තාවගේ සිරුර පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය අද පැවැත්වීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් කටුගස්තොට පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේනවා .

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site