Home News Breaking රංජන් ඉන්දික විරසක වූ පස් ප්‍රශ්නේ ඇතුලාන්තය මෙන්න PHOTOS

රංජන් ඉන්දික විරසක වූ පස් ප්‍රශ්නේ ඇතුලාන්තය මෙන්න PHOTOS

15,609 views
SHARE

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයේ මහා පරිමානෙන් සිදු වන පස් ජාවාරම සම්බන්ධයෙන් එකිනෙකා බොහෝ දේවල් කියා ගනිද්දී C NEWS අප මිනුවන්ගොඩට ගියේ මෙහි සුල මුල හොයන්න. එහි ගිය අපිට දකින්න ලැබුනේ මහා පරිමානෙන් කැපෙන පස් කදු අරභයා මියැදෙන්නට අර අදින මිනුවන්ගොඩක් ප්‍රදේශයයි.
මෙවන් ගැටළු නිසා ප්‍රදේශයේ නියගයත් සමග ඇති පානීය ජල ප්‍රශ්නය තවත් දරුණු වෙලා තිබුනා. සියල්ල පිටුපස පාතාලය සහ දේශපාලනය වෙලාගෙන සිටින බවට කියවුණු දේ බොහොමයි. මේ සේරම එක්ක ගමේ මිනිස්සු මේවා ගැන ප්‍රසිද්දියේ කතා කරන්නත් දක්වන්නේ විශාල වූ බියක්, ඒ නිසා උපාසක ප්‍රතිපත්තියකින් රජයේ නිලධාරීන් ඇතුළු බලධාරීන් කතා කරද්දී මිනුවන්ගොඩ වැඩි හරියක් ජනතාව මුනි වත රැක්කා.
පාරිසරික හේතුන් මත පසුගිය රජය කාලයේද වත්මන් රජය මගින්ද මේවා නතර කිරීමට යම් පියවර ගත්තද තවම සිදු වන මෙම ජාවාරමට ජනාධිපතිවරයාගේ අවධානය නැවත යොමු විය යුතු වන්නේ මිනුවන්ගොඩ මිය යන්නට ඇත්තේ තව කෙටි කාලයක් වී නිසාය. හිරු දාහයට වෙළුම් කන මිනුවන්ගොඩ මෙන්ම එහි ජනතාව කියන කතා වගේම මේ කතාවේ සුල මුල මෙහෙම සටහන් කරන්න හිතුවේ මෙහෙමයි,

මේ ගැන විමසද්දී ශ්‍රී.ල.නි පක්ෂ සංවිධායක රුවන් රණතුංග ප්‍රකාශ කලේ මේවා සම්බන්දයෙන් නිතිය ක්‍රියාත්මකවීම පන මදි බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කලේ මෙවන් ජාවාරම් සිදුවන්නේ රාජ්‍ය අනුග්‍රහයෙන් බවයි. ඒ වගේම පසුගිය දා දිවුලපිටිය පස් කැපීම් සම්බන්දයෙන් නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක සහ ඉන්දික අනුරුද්ධ යන මන්ත්‍රීවරුන් අතරද ගැටුමක් ඇති විය. මේ සියල්ල හමුවේ පැහැදිලි වන්නේ තවමත් මේ ප්‍රදේශවල පස් ජාවාරම් සිදු වන බවයි. වත්මන් ජනපති පසුගිය වසරේදී පස් කැපීම නතර කරන්නට පවසා තිබුණු නමුත් එය නැවතී නැති බව අද මිනුවන්ගොඩ හා ඒ අවටින් දක්නට ලැබෙනවා. මහාපරිමානෙන් පස් කැපීම නිසා මේ වන විට මිනුවන්ගොඩ ප්‍රදේශයේ ජල හිගයක්ද උද්ගත වී ඇති අතර සියල්ල හමුවේ නැවත මේ ගැන පැහැදිලි තීරණයක් ගැනීමට ජනාධිපතිවරයාගේ මැදිහත්වීම අත්‍යඅවශ්‍යවී ඇත්තේ මේ හරහා සිදුවන විනාශයන් වැඩිවී ඇති නිසාමය.

C NEWS අප ලත් තොරතුරු වලට අනුව කොටුගොඩද මේ වන විට පස් කැපීමේ සුදානමක් ඇති බවක් සදහන් වුණා. ඒ අනුව මුනුවන්ගොඩ ප්‍රදේශීය ලේකම් බල ප්‍රදේශය තුල උඩුගම්පල, යාගොඩමුල්ල, නැදගමුව පස්ගම්මන, කොටුගොඩ, පත් අඩුවන, උග්ගල්ගොඩ, වැලියා, වැල්හෙන ප්‍රදේශවල මෙලෙස පස් කදු කපමින් සිටින බවත් තවත් තැන්හි පස් කදු කපන්න සුදමින් සිටින බවත් අපට දැක ගන්නට ලැබුනේ මේ විමර්ශන චාරිකාවේදියි.

මේ සම්බන්ධයෙන් භූවිද්‍ය හා පතල් කැණීමේ කාර්යාංශය, පරිසර සංවිධාන ඇතුළු පරිසර අමාත්‍යංශය, වාරි මාර්ග දෙපාර්තමේන්තුව, ග්‍රාම සේවකවරුන්, පොලිසිය, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු සියලු නිල ලත් බලධාරීන් නිහඩ බව මානාව පෙනෙන්නට තිබෙන කරුණක්. භූවිද්‍යා හා පතල කැණීම් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජෙනරාල් සජ්ජන ගෙන් අප මේ ගැන විමසීමේදී ඔහු සදහන් කළේ මේවා සෝදිසි කිරීමට එස් ටී එෆ් කණ්ඩායමක් පිටත් කර යවා ඇති බවයි. ඒත් දිගින් දිගටම අප විමසුවත් ඔහු සදහන් කලේ ඔවුන්ගේ අවසන් වාර්තාව තවම ඔහුට නොලැබුන බවත් මිනුවන්ගොඩ අප සදහන් කරන ග්‍රාම සේවක වසමට පස් කැපිම සදහා බලපත්‍ර තුනක් භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයෙන් නිකුත් කර ඇති බවත් ඒවා මේ වසරේ පෙබරවාරි අවලංගුවී ඇති බවත්ය. එසේම එම බලපත්‍ර නැවත වලංගුකර ඇත්දැයි ඔවුන් හරියට දැනගෙන හිටියේ නැහැ. C NEWS අප ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටද ගියමුත් එහි මුලාශ්‍ර වලින් අපට ප්‍රත්‍යක්ෂ කර ගන්නට හැකිවුයේ ඔවුන් සතුව 2017 වසර සදහා ප්‍රාදේශීය සභා අනුමැතියයක් ලබා දී නොමැති බවයි. මේ පිලිබදව අප කතා කල බොහෝ බලධාරීන් සුක්ෂමව මේ ප්‍රශ්නෙන් ලෙස්සා යන්නට උත්සාහ කරන අයුරු පෙනෙන්නට තිබුනා.

මිනුවන්ගොඩ යාගොඩමුල්ලට යාබදව ශ්‍රී ධම්මාලෝක මාවතේ ඒ වන විටත් දැවැන්ත ලෙසට පස් කන්දක් කපමින් තිබ්බු අතර අභයරාජ මාවතේ පාර පුරා නිරන්තරයෙන් ප්‍රවාහණය වෙමින් තිබුනෙ පස් ප්‍රවාහනය කරන ට්‍රක් රථ සහ ටිපර් රථ පමණයි. එහිදී පස් ප්‍රවාහනයේදී පිලිපැදිය යුතු මුලික කරුණු පවා ඔවුන් උල්ලංගණය කර තිබුනා. සියලුම පාරවල් දුවිලෙන් වැසෙමින් සිදු වන මේ පරිසර හානිය මහා පොලොව උහුලා ගන්න නොහැකි තරම්. ඒ වගේම මෙහි තිබුණු සමහර තැන් අතර පස් කදු කැපා දැමීම නිසා පාසල්, පොදු සුසන භුමි පවා දැඩි ලෙස තර්ජනයට ලක් වෙමින් තිබෙන බවක් පෙනෙන්නට ලැබුනා. මේ සදහා ප්‍රදේශ වාසීන්ගේ මැදිහත් වීම නිසා පස් කැපිම තාවකාලිකව නතර වුනු බවක් පෙනෙන්න තිබුණත් මේවා නිට්ටාවටම සුවවන බවක් නොපෙනෙන්නේ එකක් වහනකොට තව එකක් අරබන ගන්න නිසාය.

මිනුවන්ගොඩ ප්‍රාදේශීය කොට්ටාශ ගත කල වසර ගණනාවක් මුළුල්ලේම පාතාල සිදුවීම් බෙහෙවින් අසන්නට ලැබුණු තැනක්. ඒ ඉතිහාසය තුල පස් ජාවාරම් නිසා ඇති වන විවිධ සිදුවීම් අලලා මිය ගිය ප්‍රමාණය 48කට වැඩියි . ඒ අතර සිටි මිනුවන්ගොඩ කළු ගාමිණී, ලලීන්ද, සිත, මෙන්ම අසිත යන පාතාල සගයන් අපටද මතකය. නමුත් අද වන විට එකී අසිතාලගේ ගෝල බාලයන් බිහි වෙමින් සිටී. ඒ වගේම පස් නිලන්ත, පස් පොඩ්ඩා වගේද නම් අද ප්‍රදේශය පුරා පැතිරෙයි. කෙසේ හෝ පොඩ්ඩෝ ලොක්කෝ එකතු වී සිදු කරන විනාශයන් ගැන නම් අටුවා ටිකා කියන්න අවශ්‍ය නොවන්නේ එහි යන ඕනෑම කෙනෙක්ට මේවා ඇස ගැටෙන්න නිසාය.

තත්වය එසේ තිබෙද්දී මේවා අදාල බලධාරීන්ගේ ඇස් වලට නොපෙන්න තරම් ඔවුන් අන්ධ වී ඇත්තේ කුමන කරුණක් නිසාද යන්න ප්‍රශ්නයකි. C NEWS අප මීලගට කරුණු විමසන්න පොලිසියට ගියද පොලිස් නිලධාරියෙක් අපට පවසන්නේ “මිස්ලා එහෙ ගියානම් බෙල්ල ගලෝගෙන තමයි එන්න වෙන්නේ” යනුවෙනි. ඒ වන විටත් අපි එකී අදාල තැන නිරීක්ෂණය කර අවසන් කර සිටි බවක් ඔහු නොදත් අතර පොලිසියෙන් ලැබුණු තොරතුරු වලට අනුව සදහන් වුයේ ඔවුන්ගේ බල ප්‍රදේශයන්ට මෙකි පස් කපන තැන් අයත් නොවන බවය. අප මේ කියන ස්ථානය පොලිසියේ සිට කිලෝමීටර් 6 ක පමණ නුදුරින් තිබුණු ප්‍රදේශයක්, එදින පොලිස් මහතෙකු පස් ප්‍රවාහනය කරන ටිපර් රථයක් පරික්ෂා කරන අයුරුද අපට දක්නට ලැබුනා.තත්වය එසේ තිබියදී ප්‍රදේශවාසීන් කියන අයුරින් පොලිසිය මේ කරන්නේ ඔවුන්ට උඩ ගෙඩි දී මුදල් ගැනීමද යන්න අපටද මතුවූ ප්‍රශ්නයක්.

කිසියම් අපරාධයක් වනවා නම් නිතිය රකින්නන් ලෙසින් තම බල ප්‍රදේශය නොවන බව කියා අත පිහිද ගන්නා වුන් නීතියේ සිටින තාක් මෙවන් ජාවාරම් නොනවතින බව අමුතුවෙන් කිව යුතු නැත. මිනුවන්ගොඩ 119/2 ග්‍රාම සේවක වසමේ ග්‍රාම නිලධාරිතුමිය අප ගිය දිනයේ පුද්ගලික නිවාඩුවක් රැගෙන තිබු බැවින් මේ ගැන කල විමසීමේදී ඇය සදහන් කරන්නේ මේ පිලිබදව ප්‍රාදේශීය ලේකම් ගෙන් විමසන ලෙසයි. මෙහිදී අපට ගැටළුවක් වුයේ ග්‍රාම සේවකගේ රැකියාවත් මිනුවන්ගොඩ කරන්නේ ප්‍රාදේශීය ලේකම්ද යන්නය. ගමේ මිනිසුන් කතා කරන්න භිය වෙද්දී සමහරක් සදහන් කලේ ඕවා කතා කරලා අපිට මැරෙන්න බැහැ, ඕව නතර කරන්න බැහැ ආදී දේවල්ය. ඒ වගේම පසු ගිය දිනක පස් කපනවා කිව්වොත් කටවල් කපනවා යනුවෙන් සටහන් වූ පත්‍රිකා ගම් අස්සවල් වල ගහල තිබුණු බවත් ගම්වාසීන් සදහන් කළා. අසරණ මිනිසුන් බලය, නිලය, මුදල් යටතේ තවමත් මේ රටේ පිඩා විදින බව මින් මනාව පැහැදිලිය.

අප මේ සදහන් කරන සියලු කරුණු සදහා පැහැදිලි සාක්ෂි අපි සතුව තිබියදීය. අපිට කිසිවෙකුට පහර ගැසීමට අවශ්‍ය නැත, අපට අවශ්‍ය වන්නේ සාමකාමී පරිසරයක් ජිවත්වුන්ට ලබා දීම පමණි. ඒ සදහා වූ මාධ්‍ය ප්‍රතිපතියක් අනුගමනය කරන අප මේ ගැන ප්‍රදේශයේ දේශපාලකයන් ගෙන්ද විමසුවා, පොදුවේ ගත් කල ඒ පිළිතුරු වවල සටහන් වුනේ මෙවැන්නක් .

මිනුවන්ගොඩ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග සදහන් කරන්නේ “අපේ ආණ්ඩුව තියෙන කාලේ මෙම හානි හිටපු ජනාධිපතිට යොමු කර මිනුවන්ගොඩ ආසනයේ පස් කැපීම නතර කර තිබු බවය. ඒ කාලේත් හොරෙන් පස් කපුවා එතකොටත් අපි ඒවාට අවශ්‍ය නීතිමය කටයුතු කලා. නමුත් 2015 ජනවාරි 8 වනදායින් පසුව නැවත කදු කපනවා. ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේදී සභාපති එඩ්වර්ඩ් ගුණසේකර පැවසුවා මේක නවත්වන්න වතුර හිදෙනවා, මිනී මරාගන්නවා කියලා . ඒ වගේම මේක මම වත්මන් ජනාධිපතිට දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී පවා ඉල්ලීමක් කලා මෙය නවත්වන්න. එත් මේක නවත්වන්න බැරි වුණා, භූවිද්‍යා එක පාතාලේට බයේ කටයුතු කරනවා. රජයේ අනුග්‍රහය යටතේ පතාලේ පස් කපනවා. අද පාතලේ එලියට ඇවිල්ලා එකයි රටේ හැම තැනම මිනි මරන්නේ, මේවා නවත්වන්න බැහැ රජයේ අනුග්‍රහයක් තියෙනකල්.”

ශ්‍රී ලංකා නිදහන් පක්ෂ සංවිධායක මිනුවන්ගොඩ රුවන් රණතුංග පවසන්නේ මෙවැන්නකි .”පසුගිය සතියේ මිනුවන්ගොඩ ආසනයේ ග්‍රාම සේවක වසම් 83 කට අපි වතුර බෙදුවා. නියගේ එක්ක පස් කැපීම නිසා වතුර හිග වෙලා තියෙනවා. මේක ගැන අපි බලධාරීන්ට කියනවා. පස් ප්‍රශ්න නිසා මිනුස්සු හුගක් මැරිල තියෙනවා. භූවිද්‍යා පතල් සහ අනෙක් බලධාරීන්ගෙන් මේ මිනිස්සු බලපත්‍ර අරගන්නවා. අපිට වෙලා තියෙන්නේ පොලිසියට කතා කරන්න කියන්න විතරයි. මිනිස්සු හිතනවා අපි පස් කපන්නනගෙන් පගා ගන්නවා කියලා. මේවා කරන පාතාලේ අය එක්ක මට නම් ගනුදෙනු නැහැ, හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරු පැහැදිලිවම සල්ලි ගත්තා. මේවාට සහයෝගය දුන්නා. නිලධාරීන්ට වුනත් මම කියන්නේ නීතියට අනුව වැඩ කරන්න කියලා. දියුලපිටියේ වුනත් රන්ජන් කැගහපු එකට අපි එකග නැහැ නමුත් ඔහු කිවුවේ ඇත්ත. අපි වතුර බෙදනවා නමුත් ඒවා විසදුමක් නෙමෙයි. මට පේන විදියට මේකට ජනපති හා පොලිසිය ක්‍රියාත්මක වෙනවා පන මදි. විරෝධතාවයක් තියෙනවනම් ප්‍රාදේශීය ලේකම්ට කියලා කටයුතු කරන්න කියලා මම කියන්නේ. නීතියේ තියෙන ප්‍රතිපාදන නිලධාරීන්ටත් මදි. නිතියේ අඩු පාඩු කම් නිසයි මේ රටේ හැම ජරා වැඩක්ම සිද්ද වෙන්නේ. යනුවෙන් අප කල ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් රුවන් රණතුංග සදහන් කළා

මීලගට අප කතා කලේ පසුගියදා කතා බහට ලක් වූ බලධාරීන් දෙදෙනාටය. එහිදී නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක පැවසුයේ දිවුලපිටියේ මේ වන විට පස් කැපීම භූවිද්‍යා හා පතල් කාර්යාංශයෙන්ම, ධ්‍යම පරිසර අධිකාරියෙන්, ප්‍රාදේශීය ලේකම්ගේ හා අදාල බලධාරීගේ කාර්යාල වලින් නවත්තල තියෙන්නේ. යාගොඩමුල්ල සිදු වන ඔය කියන පස් කැපීම් ගැන නම් හරියට දන්නේ නැහැ. කවුරු හරි කියනවනම් මම මේවට සම්බන්ධයි කියල මම ඒවාට කෑ ගහනවද ? මුතුරාජවෙලට අකරගමින් පස් අරන් ගියා. ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීවරයාගේ විස්තර මම RTI එක හරහා අරගෙන තියෙන්නේ. එයාගේ පවුලේ අය මේවට සම්බන්ධයි. පස් ව්‍යාපාර නිසා ඉන්දික මන්ත්‍රීතුමා ඔහුගේ මාමව මරන්නත් ගියා එකේ පැමිනිල්ලකුත් දලා තියෙනවා. චරිතේ ඝාතනය කරන්න නොයෙක් දේවල් කියනවා මට ඔප්පු කරන්න පුළුවන් මිනිස්සු මන් ගැන දන්නවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මෙයට පිළිතුරු දෙමින් “මගේ සීයල පාරම්පරිකව කරගෙන ආපු උළු කර්මාන්ත ගඩොල් කර්මාන්ත රැකියා ව්‍යාපාර තියෙනවා ඒවා නිතියනුකුලව කරනවා. මම කිසි දෙකට අනුබල දීල නැහැ. ජාවාරම්කරුවන්ට ජාවාරම් කරන්න අනුබල දෙන්නේ රන්ජන් රාමනායක මගේ මාම DWL අප්පුහාමි පස් ඉල්ලලා තමයි මාත් එක්ක අමනාප වෙන්නේ ඊට පස්සේ ඔහු ගිහින් රන්ජන් එක්ක එකතු උනා. එයාගේ මැතිවරණ මෙහෙයුම කලෙත් ඔහු, ඒ නිසා රන්ජන් ඔහු කල ගුවන්තොටුපල ව්‍යාපෘතියට අවශ්‍ය පස් සැපයීම සදහා පස් නිදියක් පවත්වාගෙන යාමට ලබා දී තිබුණු බලපත්‍රය කාලය දීර්ග කරන්න කියල ඉල්ලලා දිස්ත්‍රික් ලේකම්ට ලියුමකුත් දීලා තියෙනවා. මම අභියෝග කරනවා ඕන වෙලාවක ඇවිල්ලා මට විරුද්දව තියෙන ඒවා පෙන්වන්න කියලා.

අප කල සොයා බැලීමේදී පෙනී යන්නේ කොතනත් සිදුවන සේ ජනතාව ගොනාට ඇද සිටින බවකි.

පරිසරය හානියට ලක් කරමින් මිනුවන්ගොඩ ප්‍රදේශයේ පස් ජාවාරම කෙරෙන අයුරු ඡයාරූප පහතින්

Ranjan-C-News-1 Ranjan-C-News-2 Ranjan-C-News-3 Ranjan-C-News-5 Ranjan-C-News-6 Ranjan-C-News-7 Ranjan-C-News-8 ඡයා රූප සහ සටහන C NEWS අශන්ති වරුණසුරිය

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site