Home News Breaking සධාතුක කරඬුව වැඩමකරවීමට භාග්‍ය ලත් ඒක දන්තයා හස්තියාගේ මරණයට හේතුව සොයා ගනියි

සධාතුක කරඬුව වැඩමකරවීමට භාග්‍ය ලත් ඒක දන්තයා හස්තියාගේ මරණයට හේතුව සොයා ගනියි

405 views
SHARE

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තිය නියෝජනය නියෝජනය කරමින් අඛන්ඩව වසර 40 ක් මහනුවර ඇසැළ පෙරහර මංගල්‍යය විචිත්‍රවත් කිරීමට දායකත්වය ලබාදුන් ඒක දන්තයා හස්තියාගේ මරණයට හේතුව අන්ත්‍රවල සිදුවූ අධික රුධිර වහනය හා රුධිර කැටිගැසීම බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණයවී තිබෙනවා.

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පල්ලේකැලේ පිහිටි ඇත්ගාලේදී ඇතාගේ මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පැය 3 1/2 ක පමණ කාලයක් පැවති අතර එයට ජාතික සත්වොද්‍යාන දෙපාර්තුමේන්තුව හා වනජීවී දෙපාර්තුමේන්තුව නියෝජනය කරමින් පශු වෛද්‍යවරු දෙදෙනකුද සම්බන්ධද වුණා.

ඇතාගේ අන්ත්‍ර කොටස් වලට අමතරව සෙසු ඉන්ද්‍රීයන්ගේ සංකූලතා දක්නට නොතිබූ බවත් ඒවාහී කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ව්‍යාදවේදී අංශයේදී සිදු කිරීමට නියමිත බවත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ආචාර්ය කවීන්ද්‍ර ජයසුන්දර සඳහන් කළා.

වසර ගණනවක් ඇසළ පෙරහර මංගල්‍යයේ සධාතුක කරඬුව වැඩම කිරීමේ භාග්‍යයද ලද ඒක දන්තයා හස්තියා මැදින් පුන් පොහෝ දිනයේ මරණයට පත්වූ අතර ඇතගේ අවසන් කටයුතු ඊයේ (13) පස්වරුවේ දළදා මාලිගා ඇත්ගාලේදී සිදු කෙරුණා.

ඇතා වළ දැමීමට ප්‍රථම මහසංඝරත්නය එහි වැඩමකර පාංශකූලය ලබා දෙමින් මතක වස්ත්‍ර පූජාවක්ද සිදුකරනු ලැබුවා.

වයස අවුරුදු 50 ක් පමණ වූ මෙම හස්තියා විමලා කන්නන්ගර විසින් දළාදා මාලිගාවට පූජාකර තිබෙන බවයි ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තිය භාර ප්‍රදීප් ලියනපලාව කියා සිටියේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site