Home News International ට්‍රම්ප්ට දෙවනවරටත් අධිකරණය එරෙහි වෙයි

ට්‍රම්ප්ට දෙවනවරටත් අධිකරණය එරෙහි වෙයි

201 views
SHARE

මුස්ලිම් රටවල් 6ක සංක්‍රමණිකයන් ඇමරිකාවට පැමිණීම වැළැක්වීම සදහා එරට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් දෙවනවරට පැන වූ තහනම වාරනයට ලක් වී තිබෙනවා. හවායි ප්‍රාන්තයේ ෆෙඩරල් අධිකරණයක විනිසුරුවරයෙකු දුන් තීන්දුවකට අනුවයි එම සංචාරක තහනම අත්හිටුවා තිබෙන්නේ.

අද මධ්‍යම රාත්‍රියේ සිට දෙවන සංක්‍රමණික තහනම ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබුණ ද අධිකරණය විසින් ලබාදුන් තීන්දුව හේතුවෙන් එය වැළකි යන බව සදහන්. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් රජය ඉදිරිපත් කළ කරුණු ගැටළු සහගත බවයි විනිසුරු ඩෙරික් වොට්සන් කියා සිටියේ. එම තහනම මුස්ලිම් රටවල්වලින් පැමිනෙන සංක්‍රමණිකයන් සදහා දින 90ත්, සරණාගතයින් සදහා දින 120ත් වශයෙන් ක්‍රියාත්මක වීමට තිබු බවයි වාර්තා වන්නේ. ඇමරිකානු ජනාධිපතිවරයාගේ නව සංචාරක තහනමට එරෙහිව කටයුතු කළ ප්‍රාන්ත වලින් එකක් ලෙස හවායි ප්‍රාන්තය සැලකෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site