Home News Sports දිල්ලි නුවර ගින්නකින් දෝනි නුලෙන් බේරෙයි

දිල්ලි නුවර ගින්නකින් දෝනි නුලෙන් බේරෙයි

218 views
SHARE

ඉන්දියාවේ දිල්ලි නුවර හෝටලයක සිදු වූ ගින්නකින් ඉන්දීය ක්‍රිකට් පිලේ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි තුවාල නොලබා බේරි ඇතැයි වාර්තා වනවා.

සිදුවීමෙන් කිසිවෙකුට හානියක් සිදුව නැතැයි දිල්ලි ගිනි නීවීමේ දෙපාර්තුමේන්තුව සඳහන් කළා.

ද්වර්කාහී වෙල්කම් හෝටෙලයේ ගින්නක් හටගෙන ඇතැයි දුරකථන ඇමතුමක් පැමිණි බවත් ඉන්පසුව ගිනි නිවන භටයින් 30 දෙනකු එම ස්ථානයට යැවූ බවත් ගිනි නීවීමේ දෙපාර්තුමේන්තුව කියා සිටියා.

මේ වන විට ගින්න සම්පුර්ණයෙන් මැඩ පැවැත්වීමට හැකි වූ බවයි ඔවුන් වැඩි දුරටත් කියා සිටියේ.

මහේන්ද්‍ර සිං දෝනි ඇතුළු කණ්ඩායම දිල්ලියට පැමිණ ඇත්තේ විජේ හසාරේ තරඟාවලියේ අවසන් පූර්ව තරඟයට සහභාගී වීම සඳහායි.

ගිනි ගැනීම හේතුවෙන් ඔවුන්ගේ ක්‍රීඩා ඇඳුම් සියල්ල ගිනිගෙන විනාශ වී ඇතැයි ද තරඟය හෙට(18) දක්වා කල් දැමීමට සිදුව ඇතැයි ද වාර්තා වනවා.

මේ වසරේ ජූනි මාසයේදී එංගලන්තයේදී පැවැත්වීමට නියමිත ශූරයින්ගේ කුසලානයට පෙර දෝනී ක්‍රීඩාකරන අවසන් එක්දින තරඟ කිහිපය මෙයයි.

මේ වන විට කඩුලු රකින පිතිකරුවෙකු ලෙස පමණක් ඉන්දීය ජාතික කණ්ඩායම නියෝජනය කරන හිටපු ක්‍රිකට් නායක දෝනිට මෙම තරඟාවලිය වැදගත් තරඟාවලියක්ද වන බවයි වාර්තා වන්නේ.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site