Home News Breaking පැහැරගත් නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයන් නිදහස්

පැහැරගත් නෞකාවේ සිටි ශ්‍රී ලාංකිකයන් නිදහස්

258 views
SHARE

සෝමාලි කොල්ලකරුවන් විසින් පැහැරගනු ලැබූ නෞකාවේ සේවය කළ ශ්‍රී ලාංකික කපිතාන් ඇතුළු අටදෙනා නිදහස් කර තිබෙන බව වාර්තා වනවා.

පැහැරගනු ලැබූ ශ්‍රී ලාංකිකයින් ඇතුළු නැව මුදාහැරීම සඳහා මෙම කොල්ලකරුවන් විසින් කප්පම් මුදල් ඉල්ලා තිබුණද, ශ්‍රී ලාංකික පිරිස මුදාහැරීම සඳහා කප්පම් මුදලක් හෝ කිසිදු අයකර ගැනීමක් සිදුකර නොමැති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

සෝමාලියානු වෙරළාරක්ෂක බලකාය ඇතුළු ආරක්ෂක අංශවල මැදිහත්වීමෙන් ඔවුන් මුදා ගෙන තිබෙනවා.

ශ්‍රී ලාංකිකයින් 08 දෙනෙකු ඇතුළු කාර්යය මණ්ඩලය සමග ඒරිස් 13 නමැති ඉන්ධන ප්‍රවාහන නෞකාව පසුගිය සඳුදා කොල්ලකරුවන්ගේ ග්‍රහණයට ලක්වුණා.

එම නෞකාව කොල්ලකරුවන් විසින් ජිබූඩි සහ මොගඩිෂු ආසන්න ප්‍රදේශයක රඳවා සිටි අතර පුන්ට්ලැන්ඩ් ආරක්ෂක අංශ ඊයේ දිනයේ නෞකාවේ සිටින කොල්ලකරුවන් වෙත වෙඩි ප්‍රහාර එල්ල කර තිබෙන බව වාර්තා වනවා.

ශ්‍රී ලාංකිකයින් පිරිස මුදා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය සිදු කළ මැදිහත්වීම ඉතා අගය කරන බවයි නිදහස ලැබූ ශ්‍රී ලාංකික කාර්යය මණ්ඩලය පවසන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site