Home News Breaking අලුත්ගම පාසල් ළමුන් දෙදෙනා H I V අසාදිතයන්ද ?

අලුත්ගම පාසල් ළමුන් දෙදෙනා H I V අසාදිතයන්ද ?

415 views
SHARE

අලුත්ගම ප්‍රදේශයේ පාසල් ළමුන් දෙදෙනෙකු අපචාර ක්‍රියාවන්ගේ යොදවා ගැනීම හේතුවෙන් එම දරුවන්ට HIV වෛරසය ශරීර ගත වී ඇති බවට ප්‍රකාශ වුවද එහි කිසිදු සත්‍යයක් නොමැති බව HIV ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ සඳහන් කරනවා.

එම ශිෂ්‍යයින් දෙදෙනාගේ රුධිර පරීක්ෂාවක් සිදු කර ඇති අතර එහිදී ඔවුන්ට HIV වෛරසය ශරීර ගත වී නොමැති බව තහවුරු වූයේ යැයිද අධ්‍යක්ෂවරයා කියා සිටියා.

කෙසේ නමුත් මෙම සිසුන් දෙදෙනා අපචාර ක්‍රියාවන්ට යොදවා ගත්තේ යැයි පවසන පුද්ගලයා HIV අසාදිතයෙක් බවට තහවුරු වී ඇතැයිද ඔහු අවධාරණය කර තිබෙනවා.

වැඩිහිටි පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින් ලිංගික අධ්‍යාපනය ලබාදීම සඳහා දැනට ක්‍රියාත්මක කර ඇති වැඩසටහන විධිමත් කිරීමට කටයුතු කරන බවත් පවසන අධ්‍යක්ෂවරයා ඇතැම් පාසල්වල විදුහල්පතිවරුන් මෙම වැඩපිළිවෙළට අකමැති බැවින් එම දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදීමට නොහැකි බවද වෛද්‍ය ලියනගේ වැඩි දුරටත් කියා සිටියා.

ලිංගික අධ්‍යාපනය ලබාදීමෙන් දරුවෙකුට ලිංගික අපචාරයන්ගෙන් මිඳීමට හේතුවක් වන බවත් එයින් ඔවුන්ගේ සෞඛ්‍ය ආරක්ෂා කර ගත හැකි වන බවත් අධ්‍යක්ෂවරයා පෙන්වා දෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site