Home News Breaking ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යවරයාට සිතාසි නිකුත් කළ හේතුව

ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යවරයාට සිතාසි නිකුත් කළ හේතුව

263 views
SHARE

කූඨ ලේඛන සැකසීම ඇතුළු චෝදනා 3ක් සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායකට එරෙහි නඩුවේ සාක්ෂි ලබාදීම සඳහා පැමිණෙන්නැයි දන්වා ජනාධිපතිතුමාට සහ අග්‍රාමාත්‍යවරයාට අද යළි සිතාසි නිකුත් කෙරුනා.

අද නඩුව කැඳවනු ලැබුවේ, කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි හමුවේ යි.

පැමිණිල්ලේ පළ වන සහ දෙවන සාක්ෂිකරුවන් ලෙස නම් කර සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන යන අයට අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි යවා තිබුණ ද ඔවුන් අද අධිකරණයේ පෙනී සිට නොමැත.

රාජකාරි අවශ්‍යතාවක් නිසා අද දින අධිකරණය හමුවේ පෙනී සිටීමට නොහැකි බව ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යවරයා මහාධිකරණයට ලිඛිතව දැනුම් දී තිබේ.

2014 දෙසැම්බර් මස 22 වන දින කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් එවකට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත්වු මෛත්‍රීපාල සිරිසේන අතර රහස් ගිවිසුමක් ඇති බව ප්‍රකාශ කිරිම මගින් ජනාධිපතිවරණ මැතිවරණ පනත හා දණ්ඩ නීති සංග්‍රහය යටතේ ගැනෙන වැරදි සිදුකළ බවට චෝදනා කරමින් තිස්ස අත්තනායක ට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබේ.

මෙම නඩු විභාගය ලබන ජුලි මස 17 වන දින දක්වා කල් තැබු මහාධිකරණ විනිසුරුවරයා සාක්ෂිකරුවන්ට එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි යැවීමට නියෝග කළේ ය.

අද අධිකරණය හමුවේ පෙනි සිටි එක්සත් ජාතික පක්ෂ මහලේකම් කබීර් හෂීම් ඇතුළු පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ට එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ද මහාධිකරණ විනිසුරුවරයා දැනුම් දුන්නේ ය.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site