Home News Breaking ඩෙංගු වෛරසය යම් වෙනසකට ලක්වෙලා

ඩෙංගු වෛරසය යම් වෙනසකට ලක්වෙලා

492 views
SHARE

ඩෙංගු රෝග කාරක වෛරසය යම් වෙනසකට ලක් වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රසීලා සමරවීර සඳහන් කළේ, එම වෙනස් වීම හේතුවෙන් ඩෙංගු රෝගය පැතිර යාම ප්‍රබල වී ඇති බව යි .

වසරේ ගත වූ මාස 3ක කාලය තුළ ඩෙංගු රෝගීන් 22500කට අධික සංඛ්‍යාවක් වාර්තා වන බව ද ඇය සඳහන් කළා .

පවතින තත්ත්වය සැලකිල්ලට ගෙන උණ පවතී නම් කඩනමින් වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වන ලෙස ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රසීලා සමරවීර ජනතාවට උපදෙස් ලබා දෙයි.

මේ අතර ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු රෝගය පාලනය කිරීම සඳහා සිවිල් ආරක්ෂක භටයින් යෙදවීමට පියවර ගෙන තිබේනවා .

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම සඳහන් කළේ, පරිශ්‍ර පවිත්‍ර කිරීමේ කටයුතු සඳහා එම කණ්ඩායම් යොදවන බව යි .

ඒ සඳහා 350කින් සමන්විත පිරිසක් එම ප්‍රදේශ වෙත යොමුකර ඇති බව ද ඔහු සඳහන් කළා .

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site