Home News Breaking පොලීසියෙන් කොළඹ බාලිකා වියන්ට රැකවල් දෙන්න හේතුව VIDEO

පොලීසියෙන් කොළඹ බාලිකා වියන්ට රැකවල් දෙන්න හේතුව VIDEO

651 views
SHARE

කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශවල පිහිටි බාලිකා විද්‍යාල අසළ විශේෂ පොලිස් නිළධාරීන් කණ්ඩායම් නිළ ඇඳුමෙන් හා සිවිල් ඇඳුමෙන් රාජකාරී සඳහා යෙදවීමට පොලීසිය තීරණය කර තිබේනවා .

ඊයේ දිනයේ කොල්ලුපිටිය ප්‍රදේශයේ ප්‍රධාන පාසලක සිසුන් කණ්ඩායමක් බොරැල්ල ප්‍රදේශයේ බාලිකා විද්‍යාලයකට අනවසරෙන් ඇතුළුවී එම විද්‍යාලයේ සිසුවියන් හා ගුරු භවතුන් භීතියට පත්කරමින් හැසිරීම මෙන්ම එම පාසලේ සේවකයෙකුට පහරදීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි පවසයි.

මේ අයුරින් අනර්ථයක් සිදුකිරීම සම්බන්ධයෙන් මෙන්ම ක්‍රිකට් තරඟ හේතුවෙන් ප්‍රධාන මාර්ගවල නීති විරෝධීව හැසිරෙන සිසුන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

පොලිස් හදිසි ඇමතුම් අංශයේ ගුවන්විදුලි රථ හා ජංගම සංචාර රථද මෙම ක්‍රියාන්විතයට සම්බන්ධවී ඇති බවත්, ආවේක්ෂණ කැමරා පද්ධති සහිත විශේෂ වාහනද රාජකාරී සඳහා යොදවා ඇති බව සඳහන්ය.
බාලිකා විද්‍යාලයකට අනවසරෙන් ඇතුළුවන දර්ශන සහිත VIDEO මෙන්න

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site