Home News Breaking විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්ට වරෙන්තු ලැබුණු හේතුව

විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්ට වරෙන්තු ලැබුණු හේතුව

150 views
SHARE

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරණ ගුණවර්ධනගේ වත්කම් බැරකම් නඩුවේ පළමු සාක්කිකරු වන විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම් පී.එම්.එස්. බටගොඩට අද වරෙන්තු නිකුත් කෙරුනා. ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර ඉදිරියේ අද පෙත්සම විභාගයට ගත් අවස්ථාවේදිය.

සරණ ගුණවර්ධන 2005-2007 කාලය තුළ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිව සිටියදි වත්කම් බැරකම් ප්‍රකාශ නොකිරීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසම විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ මෙම නඩුව ගොනුකර තිබෙනවා .

මෙම නඩුවේ පළමු සාක්කිකරු වන පී.එම්.එස්. බටගොඩ අධිකරණයේ පෙනි සිටිමට සිතාසි යවා තිබුණා. එහෙත් අද ඔහු පෞද්ගලිකව පෙනී නොසිට නියෝජිතයෙක් ඉදිරිපත් කර තිබුණා. සිතාසි ඔහුගේ පෞද්ගලික ලිපිනයට යවා ඇති බැවින් නියෝජිතයෙක් අධිකරණය හමුවේ පෙනී සිටීම පිළිගත නොහැකි බව පවසමින් ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් වරෙන්තු නියෝගය නිකුත් කළා.

මෙම නඩුව නැවත කැඳවීමට නියමිතව ඇත්තේ ජූලි මස 07 වෙනිදායි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site