Home News Breaking විමල්ගෙන් කථානායකවරයාට ලිපියක් ?

විමල්ගෙන් කථානායකවරයාට ලිපියක් ?

171 views
SHARE

චෝදනා පත්‍රයක් ගොනු නොකර තමන් සිරගත කිරීමෙන් මහජන නියෝජිතයෙකු වශයෙන් සේවය කිරීමට ඇති අවස්ථාව අහිමිව ඇතැයි සඳහන් කරමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ විසින් කථානායක කරු ජයසූරියට අද (22දා) ලිපියක් යොමුකර තිබෙනවා.

ආණ්ඩුව විසින් අධිකරණයට බලපෑම් කරමින් දින 71 කාලයක් තමාට ඇප නොදී සිටින බවත්,වරදක් කර ඇත්නම් ඒ වෙනුවෙන් පවත්වන ඕනෑම පරීක්ෂණයකට මුහුණ දීමට තමන් සූදානම් බවත් සඳහන් කරමින් පිටු හයක ලිපියක් මෙසේ යොමුකර තිබෙන බවයි වාර්තා වන්නේ.

රාජ්‍ය දේපොළ අවභාවිතය සම්බන්ධ කරුණ සිවිල් නඩු කටයුත්තක් වුවද එය අපරාධ නඩුවක් ලෙසට දක්වමින් තමන්ට විරුද්ධව නඩු පවරා ඇති බවද ඔහු සඳහන් කර තිබෙනවා.

රටේ ජනතාවගේ මහජන ඡන්දයෙන් තේරීපත්වූ මහජන නියෝජිතයෙකු වශයෙන් එම ජනතාව බලාපොරොත්තු වන සේවය ඉටුකිරීමට නොහැකි වී ඇතැයිද විමල් වීරවංශ යොමු කල ලිපියේ වැඩි දුරටත් දැවෙන බවයි වාර්තා වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site