Home News Breaking අත්අඩංගුවට ගත් ආමි රොෂාන් ආම් එකට බාර දුන්නේ ඇයි – හේතුව මෙන්න

අත්අඩංගුවට ගත් ආමි රොෂාන් ආම් එකට බාර දුන්නේ ඇයි – හේතුව මෙන්න

1,224 views
SHARE

කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගත් රොෂාන් ප්‍රදීප් හෙවත් ආමි රොෂාන් නැමැත්තා හමුදාවට බාර දී තිබේනවා .

119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත කොල්ලුපිටිය ප්‍රදේශයේ දී කොළඹ අපරාධ කොට්ඨාසය මගින් පසුගියදා ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.

ආමි රොෂාන් නමැත්තා කළුතර බන්ධනාගාර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පිළිබඳ මාධ්‍ය ඔස්සේ විවිධ ප්‍රකාශ සිදුකළ අතර තමන්ට සංවිධානාත්මක අපරාධ කල්ලි සමඟ සමීප සබඳතා ඇති බවට ද ඔහු ප්‍රකාශ නිකුත් කර තිබුණි.

කෙසේවෙතත් ඔහුට එරෙහිව මංකොල්ලකෑමේ සිද්ධියකට සහ පවුල් ආරවුලක් මත මිනිමැරීමට තැත් කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පවතින බවට අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

එමෙන්ම ආමි රොෂාන් නමැත්තා හමුදාවේ සේවය කළ අයෙක් වන අතර ඔහු නීත්‍යානුකූලව හමුදා සේවයෙන් ඉවත්ව නොමැති බවට තහවුරුවීම හේතුවෙන් ඉදිරි විමර්ශන සඳහා ඔහු හමුදාවට බාරදීමට කොළඹ අපරාධ කොට්ඨාසය පියවර ගෙන තිබේනවා .

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site