Home News International දැරියක් පාප් වහන්සේ පැළඳි හිස් වැසුම ගලවයි – VIDEO

දැරියක් පාප් වහන්සේ පැළඳි හිස් වැසුම ගලවයි – VIDEO

244 views
SHARE

අති උතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේගෙන් ආශිර්වාද ලැබීමට පැමිණි තුන් හැවිරිදි දැරියක් එතුමන් හිස පැළඳ සිටින හිස්වැස්ම ගලවා ගන්නා ආකාරය පෙන්වන වීඩියෝවක් මේ දිනවල ජාත්‍යන්තර මාධ්‍යයේ පැතිරෙනවා.

එස්ටෙලා වෙස්ට්‍රික් නැමැති මෙම දැරිය දෙමාපියන් සමග ඊයේ (22) රෝමයේ දේවස්ථානයකට පැමිණි අවස්ථාවේදී මෙම සිදුවීම වී තිබෙනවා.

පැය ගණනාවක් පුරා පෝලිමේ රැඳී සිටි දැරිය ආසන්නයෙන් පාප් වහන්සේ ගමන් ගන්නා අවස්ථාවේදී එතුමන්ගේ ආරක්ෂකයෙකු මේ හුරුබුහුටි දැරියව වඩා ඔසවා ආශිර්වාද ලබා ගැනීමට සලස්වන අතර එසැනින් ඇය හිස්වැසුම ගලවා ගන්නවා.

පසුව ආරක්ෂකයන් විසින් ඇයගෙන් එය ලබාගෙන නැවතත් පාප් වහන්සේට එය පිරිනමනවා.

දැරිය ගැන කිසිඳු වරදකාරී බැල්මක් නොහෙලන පාප් වහන්සේට මේ හුරුබුහුටි කෙල්ලගේ දඟකාර ක්‍රියාව ගැන සිනහව නතර කරගැනීමට පවා නොහැකි වීමයි මෙම වීඩියෝවේ දක්නට ලැබෙන විශේෂත්වය වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site