Home News International බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු ප්‍රහාරයට ත්‍රස්තවාදියා අවේ මෙහෙමයි – VIDEO

බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු ප්‍රහාරයට ත්‍රස්තවාදියා අවේ මෙහෙමයි – VIDEO

190 views
SHARE

බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව ආසන්නයේ ඊයේ (22) සිදු වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයට ත‍්‍රස්තවාදියා පැමිණෙන ආකාරය දැක්වෙන CCTV දසුන් පෙළක් මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා.

මේ සිදුවීමෙන් මේවන විට කාන්තාවක් ඇතුළු පස් දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

මෙම ප්‍රහාරයෙන් 40 දෙනෙකු තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නනේ.

ආරක්ෂක අංශවල ප‍්‍රතිප‍්‍රහාර හමුවේ ඒ සඳහා පැමිණි ත‍්‍රස්තවාදියා ද මියගොස් ඇති බවද වාර්තා වනවා.

සිද්ධියෙන් 20 කට අධික පිරිසක් මේ වන විටත් අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ගනිමින් සිටින බව සඳහන්.

එම අවස්ථාවේ පාර්ලිමේන්තුව තුළ සැසිවාරයක් පැවැත්වෙමින් තිබු බව වාර්තා වනවා.

මේ වනවිට බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව සහ ඒ අවට ප‍්‍රදේශවලට කිසිඳු පුද්ගලයෙකුට ඇතුල්වීමට නොහැකි බවයි වාර්තා වන්නේ.

එරට වේලාවෙන් ඊයේ දහවල් 2.30 ට පමණ මෙම ප්‍රහාරය සිදු වුණා.

තේම්ස් නදිය හරහා ඇති වෙස්මිනිස්ටර් පාලමේ ත්‍රස්තවාදියෙකු විසින් වේගයෙන් මෝටර් රථයක් පාදවාගෙන පැමිණ ඔහු විසින් මෝටර් රථයෙන් පිරිසක් අනතුරට ලක් කරමින් පාර්ලිමෙන්තු චතුරශ්‍රයේ ගේට්ටුවේ රථය හප්පා තිබෙනවා.

පසුව ඔහු රථයෙන් පිටතට පැමිණ පොලිස් ආරක්ෂක නිලධාරියෙකුට පිහියකින් ඇන ඝාතනය කර තිබෙන බවද සඳහන්.



cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site

Save