Home C Gossip එළිසබෙත් රැජිනගේ මරණ සැලසුම – VIDEO

එළිසබෙත් රැජිනගේ මරණ සැලසුම – VIDEO

560 views
SHARE

එක්සත් රාජධානියේ සහ ඊට අයත් රාජ්‍යන්හී රැජින වන දෙවන එළිසබෙත් රැජිනගේ අවමගුල් උත්සවයට අදාල “රාජ්‍ය සැලසුම” බකිංහැම් මාලිගාව විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

රැජිනගේ මරණය දැනුම් දීම සඳහා “London Bridge Is Down” නම් විශේෂ කේතයක් භාවිත කිරීමටයි බකිංහැම් මාලිගය අදාළ සියලු අංශ වලට දැනුම්දී තිබෙන්නේ.

සැලසුම අනුව මෙම අභාවය ප්‍රථමයෙන්ම දැනුම් දෙනු ලැබෙන්නේ රැජිනගේ පෞද්ගලික ලේකම්වරයාටයි. පසුව ඔහු විසින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරියට දැනුම් දෙන අතර ඇය විසින් මිතුරු රාජ්‍යයන් 15 ක රාජ්‍ය නායකයින් දැනුවත් කිරීමට නියමිතයි.

පසුව පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායකයින් දැනුවත් කිරීමෙන් අනතුරුව රැජිනගේ අභාවය මාධ්‍ය වෙත දැනුම් දෙනු ඇති.

දින 12 කාලයක් වෙස්මිනිස්ටර් ප්‍රධාන ශාලාවේ තැන්පත් කර තිබෙන දේහයේ අවසන් කටයුතු වෙස්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ පැවැත්වෙන දේව මෙහෙයකින් පසුව සිදු කිරීමට සැලසුම් සකස් කර තිබෙනවා

9O වියැති එළිසබෙත් රැජිනගේ අභාවය කුමන මොහොතක හෝ සිදුවිය හැකි බැවින් මෙම සැලසුම සූදානම් කිරීමට හේතුවූ බවයි බකිංහැම් මාලිගාවේ ප්‍රකාශකයෙකු සඳහන් කර සිටියේ.

අභිනව රජු වශයෙන් චාල්ස් කුමරු අභිෂේක කරවීමටද සැලසුම් සකස් කර තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site