Home News Breaking ලසන්ත ඝාතනය ගෝඨාභය ගේ නීතිඥයා ෆොන්සේකා ගේ පිටින් දාපු හැටි

ලසන්ත ඝාතනය ගෝඨාභය ගේ නීතිඥයා ෆොන්සේකා ගේ පිටින් දාපු හැටි

310 views
SHARE

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට කළ කරුණු දැක්වීමකට අදාළව විදෙස් මාධ්‍යයන් විසින් තමාට චෝදනා කිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප්‍රතිචාර දක්වා තිබේනවා .

හිටපු ආරක්ෂක ලේකම්වරයා වෙනුවෙන් නීතිඥ සනත් විජේවර්ධන විසින් ප්‍රංශ පුවත් සේවයට (AFP) යොමුකළ ලිපියක දැක්වෙන්නේ ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයට අදාළව තම සේවාදායකයා ගේ නම ඈදාගනිමික් කළ පුවත සත්‍යයක් නොවන බවයි.

මෙම සිදුවීමට අදාළව හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාගෙන් ලබාගත් ප්‍රකාශයක් මත පදනම් වෙමින් පොලීසිය විසින් අධිකරණයට කළ කරුණු දැක්වීමේදී ගෝඨාභය රාජපක්ෂ ගේ නම කොතැනවත්, කොයි මොහොතකවත් උපුටා දක්වා නොමැති බව මෙම ලිපියේ දැක්වෙයි.

එසේ සඳහන්ව නොමැතිව තිබියදී ගෝඨාභය රාජපක්ෂ ගේ නම ඈදාගනිමින් අසත්‍ය පුවතක් පළ කිරීම තුළින් තම සේවාදායකයාගේ කීර්ති නාමයට හානි සිදුව ඇති බවත්, එබැවින් වහා එම පුවත නිවරදි කිරීමක් සිදුකරන ලෙසත් නීතිඥවරයා විද්‍යුත් තැපෑල මගින් යොමු කළ ලිපියෙන් ඉල්ලා තිබේ.

හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේනා යනු මෙරට යුද අධිකරණයෙන් දඬුවම් ලැබූ පුද්ගලයෙකු බවත්, 2010 ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ ගේ සහෝදරයා වන මහින්ද රාජපක්ෂ විසින් ඔහුව මැතිවරණයෙන් පරාජයට පත් කළ බවත් මෙම ලිපියෙන් සිහිපත් කර ඇත.

ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සිදුකරනු ලැබුවේ යුද හමුදාවේ විශේෂ ඒකකයක් විසින් බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට කළ කරුණු දැක්වීමේ සඳහන් වන බවත්, එවක යුද හමුදාපතිවරයාගේ අනුදැනුම හෝ නියෝග නොමැතිව එසේ ක්‍රියාත්මකවිය නොහැකි බවත් තම සේවාදායකයාගේ උපදෙස් පරිදි පෙන්වාදෙන බව නීතිඥ සනත් විජේවර්ධන විසින් ප්‍රංශ පුවත් සේවයට යොමු කළ ලිපියේ වැඩිදුරටත් දැක්වෙයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site