Home News Breaking ඖෂධ සාම්පල කූඨ ලෙස වෙනස් කරන ගබඩාවක් මාට්ටු

ඖෂධ සාම්පල කූඨ ලෙස වෙනස් කරන ගබඩාවක් මාට්ටු

131 views
SHARE

ඖෂධ නිෂ්පාදන සමාගම් විසින් වෛද්‍යවරුන් හරහා රෝගින් වෙත නොමිලේ සපයන ඖෂධ සාම්පල කූඨ ලෙස වෙනස් කරමින් ඖෂධ ශාලාවලට විකුණන ඖෂධ ගබඩාවක් වටලා රුපියල් ලක්ෂ 6 කට ආසන්න ඖෂධ තොගයක් අත් අඩංගුවට ගත් බව ජාතික ‍ ඖෂධ නියාමන අධිකාරිය පවසනවා.

කටුගස්තොට මඩවල ප්‍රදේශයේ තිබූ මෙම ඖෂධ ගබඩාව සෝදිසි කළ ජාතික ‍ ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන්ට එහි බිම් මහලේ හා දෙවන මහලේ අසුරා තිබු රුධිර පීඩනය, දියවැඩියාව, හෘද රෝග, ඇදුම ආදී රෝගවලට ලබා ගන්නා අධික මිල සහිත ඖෂධ හමුවී තිබෙනවා.

ඒවා ඖෂධ නිෂ්පාදන සමාගම් විසින් වෛද්‍යවරුන් හරහා රෝගින් වෙත නොමිලේ සපයන ඖෂධ සාම්පල බවයි වාර්තා වන්නේ.

ඖෂධ ගබඩාවේ කළමනාකරු රුපියල් ලක්ෂයක ශරිර ඇප මත නිදහස් කර ඇති අතර ලබන 30 වැනිදා මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයෙහි පෙනි සිටින ලෙස ඔහුට දන්වා ඇති බව සඳහන්.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site