Home News Politics “කොටියා අල්ලගත්ත විරුවා ඇතුලේ – මරාගෙන මැරෙන බෝම්බය ගෙනා කොටියා එළියේ “

“කොටියා අල්ලගත්ත විරුවා ඇතුලේ – මරාගෙන මැරෙන බෝම්බය ගෙනා කොටියා එළියේ “

222 views
SHARE

“මරාගෙන මැරෙන කොටියා පුපුරාගන්න ඉස්සෙල්ලා මෙල්ලකොට අත්අඩංගුවට ගත්ත විරුවා අද සිරගේ ඇතුළේ. මරාගෙන මැරෙන බෝම්බය ගෙනා කොටියා එළියේ. කොටියා අල්ලලා දුන්නට හිරේට දමලා.”

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ වැලිවේරිය කිරිකිත්තේදී සඳහන් කර සිටියා.

ඔහු කිරිකිත්ත වෙහෙරවත්ත ප්‍රජා භූමියේ ඉදිකරන චෛත්‍ය ගර්භයේ නිදානෝත්සවයට සහභාගීවෙමින් මේ බව සඳහන් කළා.

“පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ බන්ධණාගාරයේ උපවාසයක් ආරම්භ කරලා තිබෙනවා. ඔහුගේ සුවදුක් බලන්න මම ගියා. වීරවංශ මන්ත්‍රීතුමාගේ කූඩුව ඉදිරිපිට කූඩුවේ ඉන්නේ මේ රටේ ඒකීයභාවය වෙනුවෙන් දිවි පරදුවට තබා සටන් කළ රණවිරුවන් හයදෙනෙක්. තවත් රණවිරුවන් පිරිසක් ජාතික රෝහලෙත් ඉන්නවා.”

රටේ ප්‍රශ්නවලට මෙන්ම ජනතාවගේ ප්‍රශ්නවලටද විසඳුම් ලබාදීමට නොහැකිව පාලකයින් බීරන් මෙන් සිටින යුගයක තමන්ගේ දුක හා පීඩනය දෙවියන්ටවත් කියන්න ඕනෑ බව හිතලා ජනතාවට අද පුජා භූමිවලට යාමට සිදුව තිබෙනවා යයිද මහින්ද රාජපක්ෂ එහිදී පැවසුවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site