Home News Breaking ප්‍රපාතයකට පෙරලුනු ටිපර් රථය දෙකඩ කැඩෙයි -PHOTOS

ප්‍රපාතයකට පෙරලුනු ටිපර් රථය දෙකඩ කැඩෙයි -PHOTOS

199 views
SHARE

මස්කෙළිය, නෝර්ටන් බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ ඇඩික් ප්‍රදේශයේදී ටිපර් රථයක් අද උදෑසන 06.00 ට පමණ මාර්ගයෙන් ඉවතට පැන අඩි 400 ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරකට ලක්ව තිබෙනවා.

එහි දී ටිපර් රථය දෙකට කැඩී ගොස් ඇති අතර එහි රියදුරු බරපතල තුවාල ලැබ ලක්ෂපාන ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ටිපර් රථය මස්කෙළිය සිට නොර්වුඩ් දක්වා ධාවනය වෙමින් තිබියදී මෙම අනතුර සිදුව තිබෙන අතර අනතුරට හේතුව කාර්මික දෝෂයක් බව මූලික පරීක්ෂණ මගින් අනවරණය වී ඇති බව සඳහන්.

මෙම ටිපර් රථය නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරීය මගින් කුලී පදනම මත ලබාගත් එකක් බව පොලීසිය පවසනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site