Home News Breaking විභාග වලින් ඉදිරියෙන් සිටියත් විනය පිළිබඳව සතුටු වෙන්න බෑ

විභාග වලින් ඉදිරියෙන් සිටියත් විනය පිළිබඳව සතුටු වෙන්න බෑ

175 views
SHARE

ලංකාවේ දරුවන් විභාග සමත් වීමේදී ඉදිරියෙන් සිටියත් ඔවුන්ගේ විනය පිළිබඳව සතුටුවිය නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කරනවා.

රත්නපුර ෆර්ගසන් උසස් විද්‍යාලයීය සියවස් සැමරුම් උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පැවසුවා.

අධි තාක්ෂණික ලෝකයේ විවිධ ක්ෂේත්‍රවල විශිෂ්ටයින් බිහිවන්නා සේම අපේ රටේ පමණක් නොව ලෝකයේ බොහෝ රටවල්වල පාසල්වල ඉගෙන ගන්නා දරුවන් බරපතළ අපරාධකරුවන් බවට පත්වී ඇති බවද ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නා.

එක් අයෙක් විශිෂ්ටයෙක් විදිහට ජයග්‍රහණය කරන්නත් තවත් පාසලක ඉගෙනගත් දරුවෙක් බරපතළ අපරාධකරුවෙක් බවට පත්වන්නෙත් සමාජ විෂමතාවය නිසා බවද ජනාධිපතිවරයා කියා සිටියා.

මිහින්තලය ප්‍රදේශයේ පාසලක සිසුන් සිය මිතුරකුගේ උපන් දිනය සැමරුවේ අරක්කු බෝතලයක් බිගෙන බව මෙහිදී පැවැසූ ජනාධිපතිවරයා කොළඹ පිරිමි පාසලක සිසුන් පිරිසක් බොරැල්ලේ බාලිකා විද්‍යාලයකට බලහත්කාරයෙන් ඇතුල් වී කළ කලබලයද එහිදී සිහිපත් කළා.

පාසල්වල දරුවන් ලබන ජයග්‍රහණ පිළිබඳව අප සතුටුවිය යුතු නමුත් පාසල් දරුවන්ගේ විනය පිරිහීම ප්‍රශ්නයක් බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site