Home News Breaking රෝහල තුලදී දෑස් බැද නිරුවත් සිරුර වීඩියෝ කරලා

රෝහල තුලදී දෑස් බැද නිරුවත් සිරුර වීඩියෝ කරලා

4,163 views
SHARE

මහනුවර පෞද්ගලික රෝහලකට ස්කෑන් පරික්ෂාවක් සදහා ගිය වකුගඩු රෝගී හතළිස් හය හැවිරිදී මවක එම රෝහලේ ස්කෑන් කාමරය තුළදී රෙදි කඩකින් දෑස් බැද ජංගම දුරකථනයකින් ඇගේ ශරීරයේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ ගතකළ එහි විකිරණ ශිල්පියෙකු මහනුවර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශය මගින් අද (29) අත්අඩංගුවට ගනු ලැබුවා.

වකුගඩු රෝගයකින් පෙළෙන මෙම මව වෛද්‍ය නිර්දේශ මත ස්කෑන් පරීක්ෂාවකට රෝහල කරා ගොස් ඇති අතර එහිදී ස්කෑන් කාමරය තුළදී ඇගේ නිරුවත් ඡයාරූප හා වීඩියෝ ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඇගේ දෑස් බැද මද වේළාවක් ගතවන විට සැකසිතූ මෙම මව දෑස් ලිහා බැලූ විට සිද්ධිය තහවුරු වී ඇති අතර එහිදී විකිරණ ශිල්පියා දිව ගොස් තිබෙනවා.

අනතුරුව ඔහු පසු පස පන්නා පොරබැද ජංගම දුරකථනයද රැගෙනවිත් එම මව පොලීසියට පැමිණිළි කල බවයි වාර්තා වන්නේ.

මෙහිදී මෙම මවට තුවාලද සිදු වී ඇති අතර ඇය ප්‍රතිකාර සදහා මහනුවර මහ රෝහලට අතුළත් කල බව සඳහන්.

අත්අඩංගුවට ගැණුනු ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී එම මවගේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ ගෙන ඇති බවට පොලීසිය විසින් තහවුරු කරගෙන තිබෙනවා.

මෙයට අමතරව තවත් නිරුවත් වීඩියෝ හා ඡායාරූප එහි තිබී පොලීසිය විසින් සොයා ගත් බවයි වාර්තා වන්නේ.

සැකකරු මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් ඉන්දික අත්තනායක හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 06 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site