Home News Breaking “ආදිවාසීන්” මතට ඇබ්බැහි වෙයි

“ආදිවාසීන්” මතට ඇබ්බැහි වෙයි

206 views
SHARE

හෙරොයින්, කේරළ ගංජා ඇතුළු නීති විරෝධී මත්ද්‍රව්‍ය නිසා දිඹුලාගල මනම්පිටිය, දළුකාන ප්‍රදේශවල ගැටළු රැසක් මතු වී ඇති බව ප්‍රදේශවාසීන් පවසනවා.

මෙම මත්ද්‍රව්‍ය මනම්පිටිය නගරය, මාගංතොට කුඩාසිරි ගම්මාන, ආපදා ගම්මානය මෙන්ම දළුකාන යන ආදිවාසී ගම්මානයේ ද සීඝ්‍රයෙන් පැතිරයාමෙන් ප්‍රදේශයේ තරුණ පරපුර මෙන්ම පාසල් සිසුන්ගෙන් විශාල පිරිසක් ඊට ගොදුරු වී ඇති බවයි ගම්වාසීන් පෙන්වා දෙන්නේ.

හෙරොයින්, කේරළ ගංජා කොළඹ ප්‍රදේශයේ සිට වැලි ටිපර් රථ හරහා මනම්පිටියට ගෙනවිත් ඇතැම් පාසල් සිසුන් ‍මගින් ඒ.ඒ. ගම්මානවලට යොමුකර අලෙවිකරන ජාවාරමක් ක්‍රියාත්මක වන බවද විදුහල්පතිවරුන් කිහිපදෙනෙකුම සඳහන් කර සිටියා.

මීට අමතරව දිඹුලාගල කන්දේ හා අවට කසිප්පු හෙවත් නීති විරෝධී මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමෙන් ආදිවාසීන් මෙන්ම ඇතැම් පාසල් සිසුන් ඒවා බීමට පුරුදු වී සිටීමෙන් පවුල් ආරවුල් හා ගැටළු රැසක් මතු වී ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site