Home News Breaking D .S සිසුන් 8 ක්‌ ඇතුළු 16 කට මරු කැඳවූ මරාගෙන මැරෙන...

D .S සිසුන් 8 ක්‌ ඇතුළු 16 කට මරු කැඳවූ මරාගෙන මැරෙන බෝම්බය ප්‍රහාරයට අනුබල දුන් “නාදන්” වසර 20කට හිරේ

4,690 views
SHARE

කොළඹ ඩී. එස්‌. සේනානායක විද්‍යාලයීය බේස්‌බෝල් කණ්‌ඩායමේ ක්‍රීඩකයන් 8 දෙනකු ඇතුළු 16 දෙනකු මරුමුවට පත් කර තවත් මඟීන් අනූදෙදෙනකුට බරපතළ තුවාල සිදු කරමින් කොටුව දුම්රිය ස්‌ථානය තුළදී එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බකාරියක විසින් සිදුකළ බෝම්බ ප්‍රහාරයට ආධාර අනුබල දීමේ චෝදනාවට වරදකරු කරනු ලැබූ පුද්ගලයකුට කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ විසින් ඊයේ (29 දා) බරපතළ වැඩ සහිත 20 වසරක සිර දඬුවම් නියම කරනු ලැබුවා.

වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු යෑයි කියන කනගසබේ දේවදාසන් හෙවත් නාදන් නමැත්තාට එරෙහිවයි මෙසේ සිරදඬුවම් නියම කළේ.

2008.2.03 වැනිදා කොළඹ කොටුවේදී කොටුව දුම්රිය ස්‌ථානයට බෝම්බ ගසා පොදු දේපළවලට හා ජීවිතවලට හානි සිදු කිරීමට ආධාර අනුබල දීම යන අධි චෝදනාව යටතේ විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා පවරා තිබූ නඩුවක්‌ විභාග කළ විනිසුරුවරයා පැමිණිල්ල විසින් එම චෝදනාව සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කොට ඇති බවට නිගමනය කර එම නියෝගය නිකුත් කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site