Home News Breaking කුණු අදින්න යුධ හමුදාව දෙන්නේ නෑ

කුණු අදින්න යුධ හමුදාව දෙන්නේ නෑ

472 views
SHARE

කසල කළමණාකරණ වැඩසටහන සඳහා යුද හමුදා සාමාජිකයන්ගේ සහාය ලබා ගැණුනද කිසිසේත් ඔවුන් කසල එක්රැස් කිරීමේ කටයුතු සඳහා යොමු නොකරන බව ශී‍්‍ර ලංකා යුද හමුදාව පවසනවා.

හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රොෂාන් සෙනෙවිරත්න සඳහන් කළේ දෛනිකව කසල වැඩි වශයෙන් එක්රැස්වන ස්ථාන පිළිබඳව පළාත් පාලන ආයතන දැනුවත් කිරීම පමණක් යුද හමුදා සාමාජිකයන් මගින් සිදුවන බවයි.

ඒ සඳහා කොළඹ නගරය ආශි‍්‍රතව යුද හමුදා භට කණ්ඩායම් යොදවා ඇති අතර නීතිවිරෝධීව කසල බැහැර කරනු ලබන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය ද විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ සඳහා සිවිල් ඇදුමින් සැරසුනු පොලිස් නිලධාරීන්ද විවිධ ස්ථානවලට යොදවා තිබෙනවා.

එම නිලධාරීන්ට අවශ්‍ය සහාය ලබාදීම ද යුද හමුදා භට කණ්ඩායම් විසින් සිදුකරනු ඇති බවයි යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රොෂාන් සෙනෙවිරත්න වැඩිදුරටත් කියාසිටියේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site