Home News Breaking නිලධාරීන් 11558 ක් සහභාගී වු දැවැන්ත පොලිස් මෙහෙයුම

නිලධාරීන් 11558 ක් සහභාගී වු දැවැන්ත පොලිස් මෙහෙයුම

355 views
SHARE

පොලිස් නිලධාරීන් 11558 දෙනෙකුගේ සහභාගීත්වයෙන් සිදුකළ දැවැන්ත මෙහෙයුමකින් වරෙන්තුකරුවන් ඇතුලු පුද්ගලයන් 2241 දෙනෙකු අත්අඩංගුවට ගත් බව වර්තා වනවා.

සාධාරණ හේතු දැක්වීමකින් තොරව රාත්‍රී කාලයේ නිකරුනේ හැසිරෙමින් සිටි 934 දෙනෙක්, වරෙන්තුකරුවන් 595 ක්, විවිධ අපරාධ සඳහා පොලිසියට අවශ්‍ය කර තිබු පුද්ගලයන් 70 ක්, හෙරොයින් ළග තබාගෙන සිටි 94 ක්, ගංජා ළග තබාගෙන සිටි 372 ක් සහ නීති විරෝධී මත්පැන් ළග තබාගෙන සිටි 176 ක් අත්අඩංගුවට පත්වු පිරිසට අයත් වනවා.

අත්අඩංගුවට පත්වුවන් පිළිබඳ එම අවස්ථාවේදීම කොළඹ අපරාධ කොට්ඨාශයට තොරතුරු යොමු කර ඇගිලි සලකුණු පරීක්ෂා කිරීමේදී අනාවරණ වී ඇත්තේ ඒ අතර ලියාපදිංචි අපරාධකරුවන් 62 ක් සහ විවෘත වරෙන්තු නිකුත් කළ 6 දෙනෙකු සිටින බවයි.

සෑම පොලිස් වසමකම ජංගම සංචාර, පාමුර සංචාර, පාපැදි සහ යතුරුපැදි සංචාර මෙන්ම මාර්ග බාධක යොදවමින් ද මෙම මෙහෙයුම සිදුකර තිබෙනවා.

සාමාන්‍ය තත්වය යටතේ පොලිස් නිලධාරීන්ගේ සංචාරයන් අවම වශයෙන් සිදුවන ප්‍රදේශවල මෙම මෙහෙයුම ක්‍රියාත්මක වීම ද විශේෂත්වයක්.

ඉදිරියේදී ද අපරාධ හා රථවාහන අනතුරු නිවාරණය මුල්කර ගනිමින් මෙවැනි විශේෂ මෙහෙයුම් විවිධ වේලාවන් තුල දිවයිනම ආවරණය වන පරිදි පැවැත්වීමට පොලිස්පතිවරයා විසින් පියවර ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියාසිටියේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site