Home News Breaking අංගොඩ ලොක්කා ඉන්දියාවෙනුත් පන්නලද ?

අංගොඩ ලොක්කා ඉන්දියාවෙනුත් පන්නලද ?

145 views
SHARE

කළුතර එතනමඩලදී බන්ධනාගාර බස් රථ දෙකකට වෙඩි තබා පාතාල නායක සමයං ඇතුළු පස්දෙනකු ඝාතනය කිරීමේ සිද්ධියට ඉන්දියාවේ දී කොටු වූ අංගොඩ ලොක්කා හා අතුරුගිරියේ ලඩියාව ජාත්‍යන්තර ‍පොලිසිය හරහා මෙරටට ලබා ගැනීමට කටයුතු සූදානම් කරද්දී පාතාල නායක මධුෂ් විසින් ඉන්දියානු සිරභාරයෙන් එම පාතාලයන් දෙදෙනා මුදාගෙන ගොස් ඇතැයි පාතාල මර්දන කණ්ඩායම් වෙත තොරතුරු ලැබි ඇති බව වාර්තා වනවා.

පාතාල නායක මාකඳුරේ මධුෂ් විසින් ලංකාවේ සිටින තම සගයන්ට ඩුබායි සිට අමතා තමන් ඉන්දියාවේ බන්ධනාගාරගතව සිටි අංගොඩ ලොක්කා හා ලඩියාව හිරගෙදරින් පන්නාගෙන ඩුබායිවලට ගෙන්වාගත් බවට දැනුම් දුන් බවට පාතාල මර්දන කණ්ඩායම් තොරතුරු අනාවරණය කරගෙන ඇති බව සඳහන්.

මාකඳුරේ මධුෂ් විසින් තම සගයන් මුදා ගැනීමට ඉන්දියානු බන්ධනාගාර හා ‍පොලිසියේ දූෂිත නිලධාරින්ට මුදල් ලබා දීමට ඉන්දියානුවන් හරහා උත්සාහ කරමින් සිටි බවද බුද්ධි අංශ වෙත තොරතුරු ලැබි තිබෙනවා.

මේ සම්බන්ධව ‍පොලිස් විශේෂ කාර්ය බළකායේ සේනා විධායක ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති එම්.ආර්. ලතීෆ්ගෙන් විමසූවිට එවැනි තොරතුරක් නිල වශයෙන් ලැබි නොමැති බවත්, අංගොඩ ලොක්කා ජාත්‍යන්තර ‍පොලිසිය හරහා මෙරටට ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරගෙන යන බවත් ප්‍රකාශ කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site