Home News Breaking ඉසුර දේවප්‍රියට “මහ ඇමති ධුරය” අහිමි වන ලකුණු

ඉසුර දේවප්‍රියට “මහ ඇමති ධුරය” අහිමි වන ලකුණු

269 views
SHARE

කොළඹ නගරයේ සහ තදාසන්න නගරවල ගොඩගැසී තිබෙන කසළ දින තුනක් ඇතුලත ඉවත් නොකරන්නේ නම් මහ ඇමතිධූරයෙන් ඉවත්කරන බවට බස්නාහිර මහ ඇමති ඉසුර දේවප්‍රියට ජනාධිපතිවරයා තදින් අවවාද කර ඇතැයි වාර්තා වනවා.

කොළඹ නගරයේ සහ තදාසන්න නගරවල කුණු ගොඩගැසීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මහ ඇමතිවරයාට තදින් දොස් පවරා ඇතැයි ද සඳහන්.

ඩෙංගු මර්ධනය සම්බන්ධයෙන් පෙරේදා පෙරවරුවේ පැවති හදිසි රැස්වීමේදීත් ජනාධිපතිවරයා මේ පිළිබඳව ප්‍රකාශ කර ඇති අතර එම සාකච්ජාවට මහ ඇමතිවරයා සහභාගී නොවූ බවද වාර්තා වනවා.

මේ අතර කොළඹ නගර සභාවේ කුණු ඉවත්කිරීමේ ටෙන්ඩරය නගර සභාව විසින් වාර්ෂිකව පෞද්ගලික සමාගමකට භාරදිය යුතු වුවත් මෙවර එම ටෙන්ඩරය වසර හතරක කාලයකට එක්වරම ලබාදී ඇති බවද ආරංචිමාර්ග සඳහන් කරනවා.

වසරකට රුපියල් මිලියන 300 බැගින් වසර හතර සඳහා රුපියල් මිලියන 1200කට එම ටෙන්ඩරය ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site