Home News Breaking දුරකථන ඇමතුමක් නිසා දුම්රියට තවත් තරුණයෙකු බිලි

දුරකථන ඇමතුමක් නිසා දුම්රියට තවත් තරුණයෙකු බිලි

280 views
SHARE

දුම්රියේ පාපුවරුවේ ගමන් කරමින් දුරකථන ඇමතුමක යෙදී සිටි තරුණයෙකු දුම්රියෙන් වැටී මියගොස් ඇති පුවතක් වාර්තා වනවා.

මෙම තරුණයාපසුගියදා (17) දහවල් මීරිගම ගනේගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියෙන් වැටී ඇති බවයි පල්ලෙවෙල පොලිසිය පවසා ඇත්තේ.

කොළඹ සිට තලෙයිමන්නාරම බලා ධාවනය වූ ශීඝ්‍රගාමි දුම්රියෙන් වැටී මෙම තරුණයා මියගොස් තිබෙනවා.

17 හැවිරිදි කසුන් ලක්මාල් හේරත් තරුණයන් දෙදෙනෙකු සමග යක්කල ප්‍රදේශයේ ගොඩනැගිලි ඉදිකිරීම් කරන ස්ථානයක පෙදරේරු වැඩට අත් උදව් දෙමින් සිට පසුගිය 17දා උදේ නිවෙස් බලා යමින් සිටියදී මෙම දුම්රිය අනතුරට මුහුණ පා තිබෙනවා.

මෙම පිරිස රාගම දුම්රිය ස්ථානයෙන් මහව බලා යාමට ශීඝ්‍රගාමී දුම්රියට නැඟ ඇති අතර මිතුරන් දෙදෙනා වාඩිවි ගමන් කරද්දී මොහුට ආ දුරකථන ඇමතුමකට පිළිතුරු දීම සදහා පාපුවරුවට ගිය බවත් ඔහු වැටෙන දුටු පිරිසක් කෑගසා ඇති අතර දුම්රියේ හදිසි දම්වැල ඇද දුම්රිය නවතා බලද්දී ඔහු වැටී ඇති බවත් වාර්තා වුණා.

තරුණයා දුම්රිය පීල්ලට හසු වී ගෙල කදින් වෙන් වී තිබූ බව ඇසින් දුටුවන් පවසා තිබෙනවා.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site