Home C Daily Horoscope 2018 ජුලි 06 දා – අද දවස ඔබට කොහොමද ?

2018 ජුලි 06 දා – අද දවස ඔබට කොහොමද ?

11,349 views

මේෂ ලග්නය

අද දවස අලුත් බලාපොරොත්තු ඇති වෙන දවසක් ලෙසින් හඳුන්වන්න පුළුවන්. පවුලේ කටයුතු වලට වෙනදාට වැඩිය වැඩි නැඹුරුතාවයක් ඇතිවන නිසා පවුලේ අය අතර සමගිය සහයෝගය වැඩි වෙන දවසක් ද වනවා.

වෘෂභ ලග්නය

අද දවස ඔබ පොතපත කියවීමට මෙන්ම අධ්‍යාපන කටයුතු වලට වැඩි නැඹුරුතාවයක් පෙන්නුම් කරන දවසක්. යුග ජීවිතය ආශ්‍රිතව ගත් කල අනපේක්ෂිත කරදර බාධක ඇති වන්නට හැකියාව පවතිනවා. මේ පිළිබඳව සිතා බලා දවසේ කටයුතු ආරම්භ කරන්න.

මිථුන ලග්නය

අද දවසේ ඔබට උගත් බුද්ධිමත් අයගෙන් සහයෝගය නොඅඩුව ලැබෙන දවසක්. නිවාස ආශ්‍රිතව පවතී ගැටලුකාරී තත්වයන් මගහරවා ගන්නට ඔබට අද හැකියාව ලැබේවි. පවුලේ සමගියට සහජීවනයට එතරම් සුබදායක තත්වයක් පෙන්නුම් නොකරයි. ඉවසීම වැඩිවෙන තරමට ඔබට අද දවස සාර්ථක කරගැනීමට හැකියාව ලැබෙනවා.

කටක ලග්නය

අද දවසේ ඔබ තරමක හුදකලා වන බවක් පෙන්නුම් කරයි. පවුලේ අයගෙන් ඈත වී කටයුතු කිරීමට ඉඩකඩ තිබෙනවා. මේ නිසාවෙන් මානසික කනස්සල්ල මානසික පසුතවීම් ආදිය ඇති වන්නට පුළුවන්. ඔබ අන් අයගේ ප්‍රශ්නවලට මැදිහත්වීමෙදී නම් සැලකිලිමත් වියයුතුයි.

සිංහ ලග්නය

අද දවස ඔබට බොහොම සාමකාමී අයුරින් වැඩ කටයුතු කරගෙන යාමේ හැකියාව පවතිනවා.වෘත්තීය කටයුතු වලට ව්‍යාපාර කටයුතු වලට අද දවසේ ඔබට සාර්ථක ප්‍රතිපල අත් කර ගන්නට පුළුවන්.

කන්‍යා ලග්නය

අද දවස විශේෂයෙන් වෙනදාට වඩා ඔබ කායික ශක්තීන් වැඩිවන දවසක් ලෙසින් හඳුන්වන්න පුළුවන්. ඔබ ක්‍රීඩා කටයුතු වලට සම්බන්ද කෙනෙක් නම් අද දවසේ ඔබගේ ජයග්‍රහණ ඉතාමත් ඉහල මට්ටමක තමයි පවතින්නේ. අද දවසේ ඉතා බුද්ධිමත්ව කටයුතු කිරීම ඉතා වැදගත්.

තුලා ලග්නය

අද දවසේ ඔබගේ බලාපොරොත්තු සාර්ථක වන දවසක් වෙනවා. අධ්‍යාපන කටයුතු වගේම වෘත්තීය දියුණුව වෙනුවෙන් යම් කටයුත්තක් කල් දමා තිබුනා නම් ඒවා සාක්ෂාත් කර ගන්නට ඔබට හැකියාව පවතිනවා.

වෘශ්චික ලග්නය

අද දවස ඔබට තරමක් පීඩා ගෙනදෙන දවසක්. අස්ථාන චෝදනා වලට ලක්වෙන්න අවස්ථාව තිබෙන නිසා කල්පනාකාරීව කටයුතු කරන්න. ආර්ථිකය වර්ධනය කර ගන්න කරනුලබන දේ නිසා නීති කරදර බාධා ඇතිවීමට ඉඩකඩ තිබෙනවා. පැරණි හිතවත්කම් අලුත්වන දවසක් ලෙසත් අද දවස හඳුන්වන්නට පුළුවන්කම තිබෙනවා.

ධනු ලග්නය

අද දවසේ ඔබට ලොතරැයි වාසනාවක් බලන්න ඉතාමත් සුබ දවසක්. ඔබට අද දවසේ ජයග්‍රහණ රැසක් ඇත කර ගන්නට හැකියාව පවතිනවා. ඒ වගේම රැකී රක්ෂා ආශ්‍රිතව පවතින අර්බුධකාරී වටපිටාව අවම කර ගන්නටත් ඔබට අද හැකියාව තිබෙනවා.

මකර ලග්නය

උසස් අධ්‍යාපානයේ යෙදී සිටින අයට ඉතාමත් සුබ පල අත් වන දවසක්. මෙතුවක් කල් ඔබට අපහසු වුන අභියෝග ජයග්‍රහන බවට පත් කර ගන්නටත් හැකියව තිබෙනවා.

කුම්භ ලග්නය

ඔබට රෝගී තත්වයන් තිබුනා නම් ඒ තත්වයන් අද දවසේ මගහරවා ගන්නට හැකියාව පවතිනවා.දේපල ආශ්‍රිත දියුණුවටත් අද දවස සුබ දවසක් ලෙසින් හඳුන්වන්නට පුළුවන්. වෙනදාට ඔබට ගැනීමට නොහැකි වූ තීන්දු තීරණ පිළිබඳව ඔබට ස්ථීර තීරණ පහසුවෙන් ගන්නට හැකියාව ලැබෙන දවසක් වෙනවා.

මීන ලග්නය

පවුලේ අය සමග සතුටුසාමීචියේ යෙදෙන්න විනෝද වෙන්න වැඩි පුර කාලය යොදවන දවසක් අද දවස.මුදල් ආයෝජන වලදී ඒවායින් හොඳ ප්‍රතිපල ලබා ගන්නටත් ඔබට පුළුවන්.

 

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site