Home C Daily Horoscope 2018 ජුලි 07 දා – අද දවස ඔබට කොහොමද ?

2018 ජුලි 07 දා – අද දවස ඔබට කොහොමද ?

384 views

මේෂ ලග්නය

අද ඔබට කෙටි ගමන් බිමන් බහුල කරන දවසක් ලෙස සඳහන් කරන්න පුළුවන්. ස්ත්‍රී පාර්ශවයන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට ද හැකියාව තිබෙනවා.

වෘෂභ ලග්නය

අද ඔබට නිෂ්පල ගමන් බිමන් වගේම වියපැහැදම් ඇති වෙන්න පුළුවන්. ඔබේ මුල්‍ය ශක්තියට බාධා ඇති වෙන්න පුළුවන්. ඒ නිසා කල්පනාවෙන් කටයුතු කරන්න.

මිථුන ලග්නය

අද ඔබට හදිස්සි ධන ලාභ ඇතිවන දවසක්. පැරණි ණය ගනුදෙනු ආදිය ලැබීමේ සම්භාවිතාව වැඩියි. ආදර සම්බන්ධතා වලට ඉතා සුබයි. සෙම් රෝග පීඩා බහුල කරන්න පුළුවන්.

කටක ලග්නය

අද දවසේ ඔබට විනෝද ගමන්, විදේශ සංචාර සඳහා කටයුතු යෙදෙන්නට පුළුවන්. අන් අයගේ අගය කිරීම් ලබන්නත් ඔබට අද හැකියාව තිබෙනවා. ඒ නිසා හොඳ මානසික තෘප්තියකින් කටයුතු කරන්න පුළුවන්. දණහිස් ආශ්‍රිත අබාධ ඇති වීමට ඉඩකඩ පවතිනවා.

සිංහ ලග්නය

අද දවසේ ඔබේ දියුණුව සාර්ථකත්වය සඳහා අවශ්‍ය කරන වට පිටාව නිර්මාණය වන දවසක් වේවි. ඔබ ව්‍යාපාර කටයුතු වල යෙදෙන කෙනෙක් නම් අද ඔබට ඉතා සාර්ථක දවසක්. අධ්‍යාපන කටයුතු වලටද ඉතා සුබයි.

කන්‍යා ලග්නය

අද ඔබේ මානසික සතුට වර්ධනය වන දවසක්. විශේෂයෙන්ම විනොදචාරිකා දුරබැහැර ගමන් ආදියටත් ඉඩකඩ තිබෙනවා. මේ නිසා සෑම කටයුත්තකින්ම ඔබේ සිතේ සතුට වැඩි වන බවක් තමයි පෙන්නුම් කරන්නේ.

තුලා ලග්නය

අද දවසේ ඔබේ අධ්‍යාපන කටයුතු වලට බාධා ඇති වෙන්න පුළුවන්. වැඩි කතා බහ නිසා පාඩු සිදු වන්නට ඉඩ තිබෙන නිසා කල්පනාකාරීව කටයුතු කරන්න. යොදාගත් සැලසුම් වෙනස් කිරීමටත් සිදු වන්න පුළුවන්.

වෘශ්චික ලග්නය

අද දවසේ ඔබේ සැප සම්පත් වෙනුවෙන් වැය පාර්ශ්වය ඉහල යනබවක් පෙන්නුම් කරනවා. දුර බැහැර ගමන්, විදේශ ගමන් වලට අද දවස සුබයි. අස්ථාන චෝදනා ආදියට ලක්වෙන්න ඉඩ පවතිනවා. නිධන් ගත රෝග පීඩා ආදියෙන් පෙලෙන්න පුළුවන්.

ධනු ලග්නය

ඔබට අද දවසේදී කුමන්ත්‍රනකාරී වටපිටාවකට මුහුමදීමට සිදු වේවි. ලිපි ලේඛන ආශ්‍රිත කටයුතු වලදී නීතිමය පැත්ත ගැන සැලකිලිමත් වෙන්න.

මකර ලග්නය

ඔබ අද දවසේදී කෙතරම් කරදර බාධා යෙදුනත් ඉන් මිදීමට සමත් වෙනවා. ඔබේ හදිසි තීරණ සහ හදිසි කෝපය නිසා අවාසි සිදු වෙන්න පුළුවන්. චර්ම රෝග පීඩා ආදියට ලක් වෙන්න පුළුවන්.

කුම්භ ලග්නය

අද දවසේදී ඔබේ සමීපතයින් පවා දුරස්වන බවක් තමයි පෙන්නුම් කරන්නේ. යුග ජීවිතය ආශ්‍රිතව ගැටළු ඇති වෙන්න පුළුවන්. ඉවසීමෙන් කටයුතු කලයුතු දවසක්. වෙහෙසකර ගමන් බිමන් බහුල වෙන්න පුළුවන්.

මීන ලග්නය

ඔබේ වෘත්තීය කටයුතු වෙනුවෙන් ගනු ලබන තීරණ සාර්ථක වෙන දවසක්. සුහදශීලීව කටයුතු කිරීමෙන් නව හිතවතුන් ඇතිවේ. මුත්‍රා ආශ්‍රිත රෝග පීඩා ඇති වෙන්න පුළුවන්.

උපුටා ගැනීමකි

 

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site