Home C Daily Horoscope 2018 ජුලි 08දා – අද දවස ඔබට කොහොමද ?

2018 ජුලි 08දා – අද දවස ඔබට කොහොමද ?

453 views

මේෂ ලග්නය

ඔබට අද ආර්ථික වාසි වගේම වෘත්තීයට තිබුන බාධක අවම වන දවසක්.ඒ වගේම රැකියා අවස්ථා උදාවෙන දවසක්.නමුත් තරමක් දුරට බාධක යෙදෙන්නත් පුළුවන්. තමන් පවසන වචන ප්‍රවේසමෙන් කියන්න මතක තබා ගන්න. ඔබේ දවස සුබ වේවි.

වෘෂභ ලග්නය

ඔබේ අද ආදායම් පාර්ශවය සුබ වේවි. තරග විභාග සම්මුඛ පරීක්ෂන ආදියෙන් ජයග්‍රහණ ලබන්නට වෘත්තීමය ජයග්‍රහණ ලබන්නටත් ඔබට අද දවසේ හැකියාව පවතිනවා.කෙසේ වෙතත් ඔබ හදිසියෙන් ගන්නා තීන්දු තීරණ නිසා අවාසි සිදු වෙන්නට පුළුවන්.කල්පනාකාරීව අද දවසේ වැඩකටයුතු කිරීමෙන් ඔබ අද දවස සැහැල්ලුවෙන් ගත කරාවි.

මිථුන ලග්නය

ඔබට අද දවසේ අනතුරු වීමට ඉඩ ඇති නිසා ඒ පිලිබඳ ඉතා කල්පනාකාරීව කටයුතු කරන්න. විශේෂයෙන් අනතුරුදායක රැකියාවල නිරත වන අයනම් ඉතාමත් ප්‍රවේසමෙන් කටයුතු කල යුතු වනවා.අද ඔබේ දියුණුවේ සාර්ථකත්වයට තරමක් බාධා ඇති වෙන්න පුළුවන් දවසක්.

කටක ලග්නය

පෙර පින් මතුවන දවසක් ලෙසත් ඔබේ අද දවස හඳුන්වන්න පුළුවන්. වෘත්තීමය ජයග්‍රහණ ලබන්නටත් ඔබට හැකියාව පවතිනවා. හවුල් ව්‍යාපාර වලට ඉතාම සුබ දායක දවසක් ලෙස හඳුන්වන්න පුළුවන්. හදිස්සියේ කරන වැඩ කටයුතු නිසා පාඩු සිද්ද වෙන්න පුළුවන්.

සිංහ ලග්නය

අද දවස ඔබ ආයෝජන කිරීමෙන් වැළකිය යුතු දවසක් වෙනවා. මුදල් ගනුදෙනු වලදී ඉතා කල්පනාකාරී ලෙස කටයුතු කිරීම නම් ඉතා වැදගත්.අද ඔබට රෝග පීඩා ඇති කරන දවසක්. ඒ වගේම සතුරු කුමන්ත්‍රණ දියත් වන දවසක් බවටත් පත් වේවි. මේ නිසා කල්පනාකාරීව කටයුතු කිරීම ඉතා වැදගත්.

කන්‍යා ලග්නය

අද ඔබ කරන බොහෝ වැඩ කටයුතු සාර්ථක කර ගත හැකි දවසක්. තරග විභාග ආදියට මුහුණ දෙනවා නම් ඔබට ඉන් හොඳ ප්‍රතිපල ලබන්නටත් හැකි වේවි. උසස් අයගේ උදව් උපකාර ලැබෙන නිසාවෙන්ම ඔබ කරන කටයුතු සාර්ථක වන බවක් තමයි පෙන්නුම් කරන්නේ.

තුලා ලග්නය

දියුණුවේ සාර්ථකත්වය ඇතිවෙන දවසක්. ඔබ කරන බොහෝ කටයුතු වලින් සාර්ථක ප්‍රතිපල අත්‍ කර ගන්නට හැකියාව පවතිනවා. විදෙස් ගමන් වලට ඉඩ සැලසේවි. දේපල පිලිබඳ යම්කිසි ගැටලුකාරී තත්වයන් මතුව තිබුනා නම් ඒවා මග හරවා ගත හැකි දවසක් වෙනවා.

වෘශ්චික ලග්නය

අද දවස ඔබ ගෘහ ජීවිතය පිලිබඳ ඉතා සැලකිලිමත් විය යුතු දවසක්. ඒ වගේම අද දවසේ ඔබ වෙනදාට වඩා කල්පනාවෙන් වැඩ කලයුතු දවසක්ද වනවා. හදිසි තීරණ ගැනීමෙන් වැළකි සිටීමෙන් ඔබේ දවස සුබ වේවි.

ධනු ලග්නය

අද දවස ඔබේ වචනය බලවත් වේවි. කරනු ලබන බොහෝ කටයුතු වලින් සාර්ථක ප්‍රතිපල ලබන්නට හැකියි. රැකි රක්ෂා වලද වර්ධනයක් අපේක්ෂා කල හැකී. ඒ වගේම ඔබට ආර්ථිකමය වාසි කිහිපයකුත් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. වෙළඳ ව්‍යාපාර වලින් ජය ගනීමේ හැකියාවද පවතිනවා. ඔබ අලෙවිකරණ ක්ෂේත්‍රයේ කෙනෙක් නම් ඔබගේ ඉලක්ක සපුරා ගැනීමට ද හැකියාව ලැබේවි.

මකර ලග්නය

විශේෂයෙන් ඔබට අද දවස සුබදායක දවසක් හැටියට තමයි පෙන්නුම් කරන්නේ. ඔබ කරන බොහෝ දෙයින් සපල ප්‍රතිපල අත්කර ගන්නට ඉඩ තිබෙනවා. බුද්ධිය වෙහෙසවා කටයුතු කරන අයට ඉතාමත් සුබයි. ඒ වගේම අන් අයගේ උදව් උපකාර නොඅඩුව ලැබෙන දවසක් බවටත් පත්වෙනවා. පාලන කටයුතු සහ කලමනාකරන වෘත්තීන් වල නිරත අයට සුබයි.

කුම්භ ලග්නය

අද ඔබට විය පැහැදම් අධික දවසක්. මේ නිසා ඔබ මිල මුදල් පරිහරණයකිරීමේදී සැලකිලිමත් වන්න. ඒ වගේම කරන කටයුතු පිළිබඳවද කල්පනාවෙන් කටයුතු කරන්න. දේපල ආශ්‍රිතවද ගැටළු මතුවන්නට ඉඩ තිබෙනවා. දුර බැහැර ගමන් බිමන් වලදී පරිස්සම් වෙන්න.

මීන ලග්නය

ඔබට අද දවස වෙනදාට වඩා ශක්තිමත් දවසක්. ආදායම් පාර්ශ්වය සරුවන බවක් තමයි පෙන්නුම් කරන්නේ. ඒ වගේම අලුත් අලුත් ආදායම් මාර්ග පිළිබඳව සිත යොමුවන දවසක්. මුදල් ආයෝජනය කරන්නට නම් අද දවස ඉතාමත් සුබදායක දවසක් වෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site
උපුටා ගැනීමකි