Home C Daily Horoscope 2018 ජුලි 10 දා – අද දවස ඔබට කොහොමද ?

2018 ජුලි 10 දා – අද දවස ඔබට කොහොමද ?

5,394 views

මේෂ ලග්නය

අද දවස ඔබට ඉතා කාර්ය බහුල දවසක්. නමුත් තමන්ගේ කටයුතු වලට වඩා අන් අයගේ කටයුතු වලට කාලය කැප කරන දවසක්. රාජ්‍ය අංශයේ රැකියා බලාපොරොත්තු ඉෂ්ඨ වේ. උෂ්ණාධික රෝග පීඩා බහුල කරන දවසක්.

වෘෂභ ලග්නය

වෙනදට වඩා තරමක ආවේගශීලී ගති ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. මේ නිසා ඉවසීමෙන් කටයුතු කිරීමෙන් ඔබට අද දවස සාර්ථක කර ගත හැක.ලිපි ලේඛන ආශ්‍රිත කටයුතු වලදී තරමක් ප්‍රවේසම් වන්න. නිෂ්පල විය පැහැදම් වගේම නිෂ්පල ගමන් බිමන් බහුල කරන්න පුළුවන්.අස්ථි ආශ්‍රිත රෝග පීඩා ඇති වෙන්න පුළුවන්.

මිථුන ලග්නය

තරගකාරී කටයුතු වලින් ජයග්‍රහණ ලබන්නට හැකි වේවි. උපදේශන සේවා සහ නීති අංශ වල කටයුතු කරන අයට සුබයි. සෙම් රෝග පීඩා බහුල කරන්න පුළුවන්.

කටක ලග්නය

පවුලේ දියුණුව වෙනුවෙන් ගනු ලබන තීරණ වලට සුබ දවසක්. නව යෝජනා වගේම නව ව්‍යාපාර අවස්ථා වලට මග පෑදෙන දවසක්. ජලාශ්‍රිත විපත් ඇති වෙන්න පුළුවන්.

සිංහ ලග්නය

ඔබ අද දවසේ තරගකාරී කටයුතු වලින් වැළකී සිටීම සුදුසුයි. චරිතයට කීර්තියට හානි සිදු වෙන්න පුළුවන්. ඒ වගේම තමන් සන්තකයේ තිබෙන වටිනා දේ අස්ථාන ගත වෙන්නත් කැඩී බින්දී යන්නටත් ඉඩ තිබෙනවා. උෂ්ණාධික රෝග පීඩා වලින් පීඩා විඳින්නට ඉඩ තිබෙනවා.

කන්‍යා ලග්නය

ඔබගේ පදිංචියේ හෝ රැකියා ස්ථානයේ වෙනස්කම් සිදු වන්නට ඉඩ තිබෙනවා. විදෙස් ගමන් බලාපොරොත්තු වුන අයගේ බලාපොරොත්තු ඉටුවේවි. ඔබ අද දවසේ දී මුදල් ගනුදෙනු වගේම ආයෝජනා කටයුතු වලදී පරෙස්සම් වන්න.

තුලා ලග්නය

ප්‍රභල මංගල යෝග උදාවන නිසා විවාහයට තිබුන බාධක මගහැරෙන බවක් තමයි පෙන්නුම කරන්නේ. අවේලාවේ ස්නානයෙන් සෙම් රෝග පීඩා ඇති වෙන්න පුළුවන්.

වෘශ්චික ලග්නය

අද දවසේ ඔබට සෞඛ්‍ය පීඩා ගෙන දෙන්න පුළුවන්. ඒ වගේම වැය පාර්ශවය ඉහල යන දවසක් වෙන්නට පුළුවන්. විනෝදයෙන් ගත කරන දවසක්. වම් අත වම් පාද ආශ්‍රිත ආබාධ ඇති වෙන්න පුළුවන්.

ධනු ලග්නය

අද දවස ඔබ වැඩිපුර ආගම දහමට නැඹුරුවන දවසක්. මේ නිසා මානසික සුවය ගෙන දෙනවා. වම් පාද ආශ්‍රිත ආබාධතා ඇති වෙන්න ඉඩ තිබෙනවා.

මකර ලග්නය

ඔබේ අද ආවේගශීලී ගති ලක්ෂණ පෙන්නුම් කරන්න පුළුවන්. සතුරු කරදර බාධා උත්සන්න වෙන්න ඉඩ තිබෙනවා. ලිපි ලේඛන කටයුතු වලදී කල්පනාකාරී වෙන්න නීතිමය ගැටළු ඇති වෙන්න පුළුවන්. ආහාර දිරවීමේ දුර්වලතාවයන් ඇති වෙන්න පුළුවන්.

කුම්භ ලග්නය

අධ්‍යාපන කටයතු වලට සුබයි. ඒ වගේම තරග ජයග්‍රහණ වලින් ජය ලැබීමේ හැකියව පවතිනවා. ගේ දොර ආශ්‍රිතව තිබු ගැටළු නිරාකරණය කර ගන්නට හැකි වේවි. පිට කොන්ද ආශ්‍රිත ආබාධතා ඇති වෙන්න පුළුවන්.

මීන ලග්නය

ඔබ අද දවසේ සැහැල්ලුවෙන් සිටින දවසක්. බුද්ධියට වඩා හැගීම් වලට මුල් තැන දෙන නිසා ආදරය සම්බන්දව තීරණ ගනිද්දී ඉතා කල්පනාකාරී වෙන්න. කාන්තාවන් සමග කටයුතු කරද්දී ප්‍රවේසම් වන්න.

 

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site