Home News Breaking වෙන්නප්පුවේ පුද්ගලයෙක් නිදි යහනේදී හිසට වෙඩි තබාගනියි

වෙන්නප්පුවේ පුද්ගලයෙක් නිදි යහනේදී හිසට වෙඩි තබාගනියි

162 views
SHARE

වෙන්නප්පුව, චුනවෙල් පියනම මාවතේ නිවෙසක් තුළදි ඊයේ (10දා) රාත්‍රියේදී පුද්ගලයකු හිසට වෙඩි තබාගෙන මියගොස් ඇති බව වෙන්නප්පුව පොලිසිය පවසනවා.

බෝර 12 වර්ගයේ ගිනි අවියකින් මෙසේ වෙඩි තබාගෙන මියගෙස් තිබෙන්නේ වෙන්නප්පුවල චුනවෙල් පියනම මාවතේ පදිංචි 48 හැවිරිදි වසන්ත පෙරේරා නැමති අවිවාහක පුද්ගලයෙක්.

ණයට මුදල් දිමේ ව්‍යාපාරයක නිරතවි සිටි මියගිය අය සිය පදිංචි නිවෙසද මිට සතියකට පමණ පෙර රුපියල් ලක්ෂ හැටක මුදලකට විකුණා තිබෙන බවත් ණයට මුදල් දිමේ ගැටලුවක් හේතුවෙන් මෙසේ දිවිනසා ගන්නට ඇති බවත් පොලිසිය සඳහන් කරනවා.

මියගිය අය නිවසේ තනියම ජිවත්වි ඇති අතර ඔහු සිය නිදි ඇදේදිම වෙඩි තබා ගෙන සිටියදි අසල්වැසි පදිංචි ඥාතියකු විසින් දැක පොලිසියට දැනුම් දිමෙන් අනතුරුව පොලිසිය පැමිණ පරික්ෂණ ආරම්භ කර තිබෙනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site