Home Diyawanna Susthara ගංවතුරේ දිය කෙලපු දියවන්නාවේ සිල් ඇත්තෝ

ගංවතුරේ දිය කෙලපු දියවන්නාවේ සිල් ඇත්තෝ

358 views
SHARE

ඔන්න අශ් පොඩ්ඩක් වැහි පොදක් වැටෙනකොටම පහුගිය දවසේ කිවුවා වගේ දියවන්නාව යට වුණා. තවමත් ඉතින් වැස්සේ ඉවරයක් නැහැ. මේ වැස්සට ඉවර වුණු ජිවිත හරි ගස්සනම් තව කාලයක් යාවී. ඉන්නවා කියලා මොකද දියවන්නාවෙන් මේවට උත්තරයක් ලැබෙන්නේ නැහැනේ. අපිටම තමයි වුණ දේවල් වලට දුක් වෙන්න වෙන්නෙත්, අඩන්න වෙන්නෙත් අඩලා ඒ කදුළු පිහිදාගෙන නැගිටින්න වෙන්නෙත් අපිටම තමයි.

වැස්සත් එක්ක බුකිය රත් වුණා පාලිත තෙවරප්පෙරුම එක්ක. වැස්ස එක්ක කඩාගෙන යන පස් කදු එක්ක කරට කර ගැටෙමින් පාලිතගේ සප් එක එළ. පාලිත එහෙම බහිනකොට බෑ කියන්න බැරි කමට රත්නපුරේ එහෙම බැස්ස සෙට් එකක් හිටියා. වැස්සක් එනකොට නාය යනවා කියන එක ඕනෑම නොදරුවෙක් දන්නා දෙයක්. ගියපරත් වැස්සත් මේ පාරත් මේ කාලෙට වහිනවා කියලා දන්නවා. ඒවා දැන දැන රෙද්ද උස්සන් දෙයක් උනාට පස්සේ නටන කම්බි පණුවෝ වගේ සෙට් එකක් තමයි අපේ ඉන්නේ. උදාහරනෙකට අපි රත්නපුරේ ගමු. කාලයක් තිස්සේ මැණික් ගැරීම් එක්ක වතුරකට මෙහෙම වෙයි කියන එක ගොඩක් වෙලාවල් වලදී කියවුණු දෙයක්. ඔච්චර ජනතාවට ආදරේ නම් ඕවට කලින් මොන මොනා හරි කරන්න තිබ්බනේ. දියවන්නවෙනම් ඉන්නේ ඔය වගේ කිසි දෙයක් නොතේරෙන මොන හරි වුණාම විතර හුල්ලන සෙට් එකක්. ඒ නිසා ඊලග පාරවත් අපි අපේ ජන්දේ දෙනකොට කාටද කොහොමද දෙන්න ඕන කියන එක හොදටම තේරුම් අරං දෙන්න ඕන.

පාලිත ලොකු අයියා ගැන මෙහෙම කථා වෙනකොට නාමල් අයියා ගැනත් කරලියට ආවනේ. ඒ වෙනම විදියට සමහරු මේක දැක්කේ නාමල රගනවා කියලා. අනේ බං මන් නම් කියන්නේ රගන්න හරි මෙහෙම මිනිස්සුන්ට මේ වෙලේ කරන එක හොදයිනේ. මොන වුණත් පාලිත නාමල් බැහැලා වැඩ කළා නිකන් වතුර තිබ්බ තැන වලට නාය ගිය තැන් වලට ගිහිං ඇත දිකර දික්කර ඉන්නවට වඩා. බහුතරයක් අපි දැක්කේ එහෙම කථා කරන දේශපාලකයෝ විතරයි. දෑතේ විරියෙන් මිනිහෙක් එක්ක දුක බෙදාගෙන වැඩක් කළේ එක්කෙනෙක් දෙන්නෙක් වගේ. රාජපක්ෂලාට බයිනවා මුල අමතක වෙලා පවුලයි අරකයි මේකයි කියලා. දැන් කියලත් එහෙම තමයි ඉස්සර දෙයක් අහන්න හරි දෙයක් හිටියා දැන් අඩුම මනුස්සයෙක්ගේ දෙයක් අහන්නවත් අලියෝ නැහැ. සේරටම වැඩ හපන් අලින්ගේ කන කුක්කෝ. මේක අශ් විතරක් නෙමෙයි අලියන්ට උදවු කල අයත් අද කියන කතාවක්. බලයේ ඉන්න අය මෙහෙම නම් අනිත් පක්ෂ ගැන කවර කතාද? එකනේ වැඩක් කරන පාලිතලට මිනිස්සුන්ට දෙයක් කරන්න පුළුවන් ඇමතිකමක්වත් නොදෙන්නේ.

මෙච්චර දෙයක් වුණා රටේ ලොක්කා ජනාධිපති නැහැ, දෙවෙනියා අගමැති නැහැ, අපදා ලොක්ක නැහැ. ඔය අස්සේ හිටපු ජනාධිපතිට ජනාධිපති කර්යලෙන් කථා කරලා එයාගේ චීන ගමන කල් දාන්නා කියලත් ඉල්ලලා කියලා ආරංචි වුණා රටේ කවුරුත් නැති නිසා. යහපලනේ ලොක්කෝ ටික නැති එකට නම් ගොඩක් කථා කියනවා. ඔය කියන කතා වලින් මිනිස්සුන්ගේ දුක වහන්න බැහැනේ. එතකොට කාලගුනේ අධ්‍යක්ෂ කියන්නේ එයාට කට්ටිය නැහැලු. කල්තියා මේවා දැන ගන්න උපකරණ නැහැලු. දැනට කලගුණේ වැඩ කරන අයත් ස්වෙච්චවෙන්ලු වැඩ කරන්නේ. අපි ඕක ඇහුවා රන්ජිත් මද්දුම බණ්ඩාරගෙන්, මොකද එයානේ ඉතිං මේවට රැකියා දෙන්නේ . ඔන්න ඇහුවම කියාපි අදාල බදවා ගැනීම් කරන්න යනවා කියලා. අනේ බන් ඉතින් හැම කෙහෙල්මලම දෙයක් වුණාට පස්සේ වෙන්නේ එකයි හිතට දුක.

මොනාවුණත් ගිය අවුරුද්දේ ගංවතුරෙන් අවතන්වුන අයත් තාම කදවුරු වල, ඒ ගොඩට මීතොටමුල්ල එකතු වුණාම දැන් තවත් අවතැන් ගොඩ තර වූණ එක විතරයි වුණේ. තිරසාර සංවර්ධනයක් ගැන කථා කරනවා මේවගේ තැනක ඉදලා මොන විදියකින්වත් ඉස්සරහට යන්න බැරි එකට මොන මගුලක්වත් නොකර. දියවන්නාවේ ඒසී කාමර වල ලොකු ගෙවල් වල වාහන වල යන අය කොහෙද බන් කදවුරක දුකක් තේරෙන්නේ . කොහොමත් රටක් විදියට හැමෝම එකතු වුණා ඔබට වගේම අපේ ත්‍රිවිධ හමුදවට අශ් ගේන් සැලයුට්. වැටුණේ නැගිටින්නම බැරි තැනකට බව දන්නවා එත් අපි අපිට උදවු වෙලා කොහොම හරි නැගිටමු අපි ඔක්කොම එකට.

මම ආෂ් වරූ

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site