Home News Sports ශුරයන්ගේ කුසලාන උණුසුම සමග හිටපු ක්‍රීඩකයෙක් කතා කරයි PHOTOS

ශුරයන්ගේ කුසලාන උණුසුම සමග හිටපු ක්‍රීඩකයෙක් කතා කරයි PHOTOS

405 views
SHARE

ශුරයන්ගේ කුසලානය ආරම්භ වෙලා ක්‍රිකට් උණුසුම අපේ ක්‍රීඩා ලෝලීන්ට වැඩියෙන් දැනෙද්දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කල ක්‍රීඩා ලෝලීන් ගේ මතකයේ සිටින නමුත් දැන් අපට ක්‍රීඩාවෙන් දකින්න නොලැබෙන නිහඩ ක්‍රීඩකයෙකු සමග C news කල සොදුරු පිලිසදරකි මේ.

දිල්හාර කියන්නේ කලක් ඔබ ආදරය කළ ක්‍රිකට් තරුවක් . දැන් නම් දිල්හාර ටිකක් නිහඩයි . අන්න ඒ නිසා දිල්හාර මේ දවස්වල මොනවද කරන්නේ කියලා හොයලා බලන්නත් එක්ක අපි දිල්හාර පදිංචි නාරාහේන්පිට නිවසට ගියා.

ඔබ ක්‍රිකට් ක්‍රීඩාවට අවතීර්ණ උනේ කොහොමද ?

ඉගෙනෙමු ලැබූ ඩී මැසිනඩ් විදුහලේ දී මම ක්‍රිකට් හැර වෙනත් ක්‍රීඩාවන් වල තමයි නිරත වුනේ.දවසක් පාසලේ ක්‍රිකට් මැච් එකකට කෙනෙක් අඩු වෙලා තමයි මම ක්‍රිකට් ගහන්න ආවේ. ඒ මට වයස අවුරුදු 17දී. ඉන් පසුව මගේ දක්ෂතා දැකලා අර්ජුන රණතුංග මට ඉදිරියට එන්න අවස්ථාව සලසලා දුන්නා පසුව සනත් ජයසුරිය, සංගා මහේල වගේ ජෙෂ්ටයන් සමග ක්‍රීඩා කරලා අත්දැකීම් ලැබුණා.1996 දී මම අධිෂ්ටාන කර ගත්තා ඊලග වසරේ වර්ල්ඩ් කප් එකට සෙල්ලම් කරනවා කියලා. 2012 පසුව දකුණු ඇසේ පෙනීමේ ප්‍රශ්නයත් එක්ක තමයි මම ක්‍රීඩාවෙන් මදක් ඈත් වුණේ

අද දවස කොහොම ගෙවෙන්නේ ?

මේ දවස් වල වැඩිපුර ගෙදර කට්ටියත් එක්ක කාලය ගත කරනවා. දුවලා දෙන්නා එක්ක ඉන්නවා. මල්ලි එක්ක ව්‍යාපාර කටයුත්තක නිරත වෙලා ඉන්නේ

දිල්හාර අද ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත් වෙලාද?

ඈත් වෙලාම නැහැ. නමුත් මම හිතනවා මගේ කාලේ හරි කියලා. ඒ නිසා නිශ්ශබ්බ්දව ඉන්නවා. මොකද කාටවත් කියන්නේ නැතුව මම ක්‍රිකට් පටන් ගත්තේ ඉතිං කාටවත් නොකියාම සමුගන්න එකත් හොදයි කියලා හිතෙනවා . බලන්න මහේල සහ සංගා ගැන අදටත් කථා වෙනවා. ඒ දෙන්නා තවත් සෙල්ලම් කලා නම් හොදයි කියලා. ඒ එහෙම තවමත් කතා වෙන්නේ ඔවුන් නිවැරදි වෙලාවේදී ක්‍රීඩාවට සමු දුන් නිසයි .

ඒ කියන්නේ ඔබ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුඅරන් ද ?

අනේ නැහැ. තවම ක්‍රිකට් නවත්ත වන්න උවමනාවක්වත් තිරනයක්වත් මට නැහැ. ක්‍රිකට් ගහන එක නතර කරනවා කියලා නෙමෙයි කියන්නේ. නමුත් එක් අවස්ථාවක් එනවා අපි එලවන්න කලින් යන්න ඕන. මට වඩා වෙන කෙනෙක්ට අවස්ථාව යන එක හොදයි කියල හිතෙනවා මගේ වයස එක්ක බලද්දී

ඔබ හිතනවද ඔබේ සම්පුර්ණ දක්ෂතා පෙන්වන්න හැකි වුණා කියලා ?

එතනදී පොඩි කණගාටුවක් තියෙනවා. ක්‍රිකට් පැත්තෙන් මහේ හැකියාව සියයට සියයක්ම දෙන්න පුළුවන් වුණාද කියන දේ මටත් ප්‍රශ්නයක්. මගේ ඇසේ අබාදය වගේම සමහර වෙලාවට මම සුදානම් වෙලා හිටියත් සමහර අවස්ථාවන් නොලැබුන වෙලාවලුත් තිබුනා. එවන් දේ හැමෝටම වෙනවා. එහෙම වෙන්නේ කණ්ඩායමේ ජයග්‍රහණය ගැන හිතන නිසයි .

ඉදිරියේදී තව අවස්ථාවක් ලැබුණොත් දක්ෂතා පෙන්වන්න පුළුවන් කියලා හිතෙන්නේ නැත්ද ?

මම වෙනුවෙන් එහෙම අවස්ථාවක් දීම අපරාධයක්. මේ ක්‍රීඩාවේ දැන් වයසින් අඩු නවක පිරිස් ඉන්නවා ඔවුන්ට පරිණත වන්නට මට වඩා ඔවුන්ට අවස්ථාව ලබා දෙන එක වටිනවා එතකොට කණ්ඩායමක් විදිහට රටට දෙයක් ලැබෙයි.

ක්‍රිකට් වලින් ඈත් වෙලා ඉන්න දුකක් නැත්ද?

නැහැ. එත් මතක සටහන් නම් අමතක කරන්න බැහැ. 2000 ඉදලා පොඩි කාලයයි මම ක්‍රිකට් වල හිටියේ. ජිවිතේ එක්ක බලනකොට මේ කාලය පොඩි පරිච්චේදයක්. ක්‍රිකට් කියලා මුළු ජීවිතේම ගත්තම අනිත් දේවල් අතපසු වෙන්න පුළුවන්. පොඩි කාලේ ඉස්කෝලේ ගිහින් ඉවර වුනා වගේ ක්‍රිකට් පරිච්චේදෙත් ඉවර වුණා වගේ දෙනෙනවා මට.

ඔබට ලැබුණු අවස්ථාවන් ගැන මොකද හිතන්නේ?

අවස්ථා කිහිපයක්ම ලැබුණා ක්‍රීඩා කරන්න නමුත් දෙවරක් ඇගිල්ලක් කැඩුනා. අවාසනාවට අවස්ථා මග හැරුනා ද කියලත් මට හිතෙනවා

ඔබව කපුවා කියලා හිතෙන්නේ නැත්ද ?

මම එහෙම කවුරුත් මාව කපනවද කියලා හොයන්නේ නැහැ. ජීවිතේට මුහුණ දෙන්න මගේ ඉස්සරහට පැමිණෙන සියල්ල මම අභියෝගයක් ලෙසින් භාර ගන්නවා. කපනවා නම් එකත් අභියෝගයක් ලෙස ගන්න ඕන නමුත් මට කැපිල්ලක් තිබුනේ නැහැ
බොහෝ ක්‍රිකට් ක්‍රීඩකයන් ක්‍රීඩාවෙන් ඉවත් වුණාම විදේශ ගත වෙනවා.ඔබටත් එහෙම අදහසක් තියෙනවද ?

එහෙම විදේශ ගත වෙන්න තවම අදහසක්වත් සැලසුමක්වත් නැහැ. ඉදිරියට කොහොම වෙයිද කියන්න බැහැ. දැන් ගෙවන ජිවිතේ හරිම නිදහස් සරලයි පහසුයි සැහැල්ලුයි . මේ සරල බවට මම කැමතියි

ක්‍රීඩකයන්ගෙන් ක්‍රිකට් මණ්ඩලයට විවිධ චෝදනා තියෙනවා ඉතිං ඔබටත් ක්‍රිකට් මණ්ඩලයෙන් ප්‍රශ්න ඇති වුනාද?

මාධයෙන් සහ කටකතා වලින් තමයි ඕව පේන්න තියෙන්නේ. එහෙම තියෙනවා නම් ඒවා අදිකරණයකින් ඔප්පු විය යුතුයි. එහෙම නැතුව මේ කියන දේවල් මම විශ්වාස කරන්න නැහැ. මට එහෙම ප්‍රශ්න නම් ඇති වුනේ නැහැ . මම මගේ පාඩුවේ ඉන්න බලනවා. මම කවුරුත් කරන දේවල් හොයන්න යන්නෙත් නැහැ

ලංකාවේ ක්‍රිකට් වලට අද මොකද වෙලා තියෙන්නේ?

අද ක්‍රිකට් පහලට ගිහිං .මෙතනින් උඩට එනවා හැර තව යන්න පහලක් නැහැ . ගොඩක් අත්දැකීම් තියෙන ක්‍රීඩකයෝ නතර වුන නිසා වෙන්නත් ඇති මෙහෙම පල්ලම් බැස්සේ. එහෙම වෙනකොට හොද පසු පෙළක් සුදානම්ව තිබිය යුතුයි. එවන් දෙවන පෙළක් සුදානම් නොකිරීයි මෙහෙම වෙන්න හේතුව. ඉදිරියට දක්ෂයන් හදුනාගෙන යම් සැලසුමකට අනුව ලංකාවේ ක්‍රිකට් ඉහල නංවමින් ඉහල මට්ටමකට ගෙන ඒමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක වෙයි කියල මම හිතනවා

ග්‍රාමිය මට්ටමේ ඉන්න ක්‍රිකට් ක්‍රීඩකයන්ට මොන වගේ තැනක්ද තියෙන්නේ ?

මම හිතනවා එදාට වැඩිය අද අවස්ථා තිබෙනවා කියලා

ඔබේ ක්‍රිකට් ජීවිතයේදී අමතක කල නොහැකි අවස්ථාව මොකද්ද ?

මාව ජාතික ක්‍රිකට් කණ්ඩායමට තෝරා ගත් දවස . එදා අම්මා මට කෝල් කරලා කිවුවේ ඒ පණිවිඩය . ඒවගේම 2003 මගේ පළමු වර්ඩ් කප් මැච් එක කවදාවත් අමතක වෙන්නේ නැහැ

පුහුණුකරුවකු ලෙස සේවය කරන්න ඔබ කැමතිද?

එලෙස දායකත්වයක් ලබා දෙන්න කැමතියි . එත් තවම එහෙම හිතලා නැහැ. උගන්වන්න බැරි කමකුත් නැහැ.ඊට ඇදලා දැනුම මට තියෙනවා .එත් මට වඩා ගොඩක් දක්ෂ පුහුණු කරුවොත් ඉන්නවා.ඉතිං ඉදිරියේදී සලකලා බලන්න ඕනා.

අද ඉන්න තැන ගැන මොකද හිතන්නේ?

ඉන්න තැන ගැන සතුටුයි.මොකද මම පොඩි කාලේ මෙහෙම වෙයි කියලා හිතුවේ නැහැ. එදා හිතුවට වඩා හොද තැනක අද ඉන්නවා

ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට තියෙන තැන කොහොමද ?

ලංකා කණ්ඩායමේ ඉන්න අයට ගොඩක් දේවල් ලැබෙනවා නමුත් කලබ් වල ක්‍රීඩා කරන යට නම් සැලකීම අඩුයි.සමස්තයක් වශයෙන් ගත්තහම ලංකාව තුල ක්‍රිකට් ක්‍රීඩකයන්ට තැනක්,ගරු කිරීමක්,සැලකීමක් තියෙනවා ඒ ගැන සතුටුයි.

ඉන්දියාව හෝ වෙන රටක ක්‍රිකට් ක්‍රීඩකයෙක් වුනානම් හොද නැත්ද?

එහෙම හිතන්නේ සල්ලි හම්බ කරනවානම් විතරයි. මම ක්‍රිකට් වලට ආසයි ආදරේයි ඒ වගේම මගේ රටටත් ආදරෙයි මුදල් උපයන්න අවශ්‍ය නැහැ

ක්‍රිකට් වලින් ඔබත් මුදල් හම්බ කලානේ?

ඔව් ඒ ජිවත් විය හැකි මට්ටමට

ඔබ ගරු කරන චරිත කවුද?

එහෙම විශේෂයක් නැහැ පොදුවේ මම හැමෝටම ගරු කරනවා

ඔබට ආදරය කරන රසිකයන්ට මොනාද කියන්න තියෙන්නේ ?

අපි ක්‍රීඩා කරනකොට කවුරුත් පිට්ටනියක් මැදට ගිහින් ලැජ්ජා වෙන්න ක්‍රිකට් ගහන්නේ නැහැ. ක්‍රීඩකයකු සෑම විටම අපේක්ෂා කරන්නේ ජය. මොකක් හරි හේතුවක් නිසා පැරදෙන්න පුළුවන්. එහෙම වුණාම ජය පරාජය දෙකම විදගන්න පුළුවන් වෙන්න ඕන. පරාජ වීම් තුළ බනින්න එපා කියලා මම ඉල්ලනවා

ඉතින් අද ඔබේ බිරිද ඉරේෂා මොකද කියන්නේ ?

එයානම් කියන්නේ දැන් ගෙදරටම වෙලා ඉන්න කියලා තමයි

ඔබට දේශපාලයට එන්න අදහසක් නැත්ද ?

දේශපාලනයට එන්න අදහසක් කොහෙත්ම නැහැ

සටහන C NEWS අශන්ති වරුනසුරිය

චයරුප තුෂාර සංජිව

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site