Home C Gossip ඔබටත් ඩොමිනිකාවෙන් දුරකථන ඇමතුමක් ලැබුනද ? එහෙනම් මෙය අනිවාර්යෙන් කියවන්න

ඔබටත් ඩොමිනිකාවෙන් දුරකථන ඇමතුමක් ලැබුනද ? එහෙනම් මෙය අනිවාර්යෙන් කියවන්න

471 views
SHARE

පසුගිය දින කිහිපය පුරාම අපේ රටේ දුරකථනයන්වලට විදෙස් රටක නාදුනන අංකයකින් ඇමතුම් ලැබී තිබීම සම්බන්ධයෙන් මේ වන විට සමාජජාලයන් වල කතාබහක් ඇතිව තිබෙනවා.

අදාල අංකයෙන් දුරකථනයන් වලට Missed Call එකක් ලැබී තිබු අතර එය ඩොමිනිකා රාජ්‍යයට අයත් දුරකථන අංකයක් වන අතර එය කැරිබියානු මුහුදේ පිහිටි රටවල් වල දුරකථන අංක යොදාගනිමින් සිදු කරන ජාවාරමක් බවයි මේ වන විට වාර්තා වන්නේ.

එය “One Ring Scam” යනුවෙන් හඳුන්වන අතර රොබෝ පද්ධතියක් මගින් විවිධ රටවල දුරකථන වලට Missed Calls ලබාදීම සිදුවන අතර යම් කිසි දුරකථනයකට Ring වූ සැනින් රොබෝ පද්ධතිය විසින් එය විසන්ධි කරනු ලබන බවයි දැනගන්නට ලැබෙන්නේ. පසුව මඟ හැරුණු ඇමතුම ලැබූ පුද්ගලයා නැවත එම අංකයට ඇමතුමක් ලබා ගැනීමට පෙලඹවීම මෙම වංචාවේ මූලික අරමුණ වන බව හෙළිව තිබෙනවා.

පසුව එම අංකයට ඇමතුමක් ලබාගතහොත් “වැඩිහිටියන්ට පමණක් වූ සේවාවකට” ඔබව ස්වයන්ක්‍රීයව ඇතුලත් කරගන්නා අතර එයට $20 – $30 ත් අතර මුදලක් අය කරගැනීම සිදුවන බවයි දැනගන්නට ලැබෙන්නේ. එය ඔබගේ බිල්පතටද එකතුවන අතර විශේෂ සේවාවක් සඳහා අයකළ මුදලක් ලෙසින් එය ගිණුමට එක්ව තිබෙන බවද දැනගන්නට ලැබෙනවා.

එම නිසාවෙන් නාදුනන විදෙස් අංකවලින් ලැබෙන ඇමතුම්වලට ප්‍රතිචාර දැක්වීමෙන් වැලකීම ඔබේ ආරක්ෂාවට මෙන්ම මුදල්වල ආරක්ෂාවටද ගුණදායකයි.

එම දුරකථන අංක කිහිපයක් පහතින්.

+1(767) 502 -7697

+1(767) 502 -2948

+1(767) 502 -1986

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site