Home News Sports තීරණාත්මක අද තරඟය ගැන මැතිව්ස් ගේ හෙළිදරව්ව

තීරණාත්මක අද තරඟය ගැන මැතිව්ස් ගේ හෙළිදරව්ව

157 views
SHARE

ශ්‍රී ලංකාව හා පකිස්ථානය අතර තීරණාත්මක තරඟය අද පැවැත්වෙනවා. මේ පිළිබඳව කණ්ඩායමේ සූදානම පිළිබඳව ඊයේ (11) නායක ඇන්ජලෝ මැතිව්ස් මාධ්‍යවෙත අදහස් දක්වනු ලැබුවා.

තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරාගේ හිසේ පන්දුවක් වැදීම එතරම් බරපතල නොවන බවත් කුසල් ජනත් වෙනුවට කණ්ඩායමට එක්වූ ධනංජය සිල්වා බොහෝ දුරට අද දින ක්‍රීඩා කිරීමට ඉඩ ඇති බවද ඔහු පවසා තිබෙනවා.

මේ ඔහු එහිදී වැඩිදුරටත් දැක්වූ අදහස් කිහිපයකි…..

“ඉන්දියාව සමග තරගයට පිවිසෙන විට අපි ගැන බලාපොරොත්තු නැති බව අපි දැන සිටියා. පීඩනය ඇත්තටම එල්ල වී තිබුනේ අපට නෙවෙයි. පාකිස්තානය සමග තරගය දිහා අපට බලන්න ඕනත් ඒ විදියටමයි. ඉන්දියාව පරාජය කළ නිසා දැන් අපි ගැන බලාපොරොත්තු තියේවි. නමුත් අපි කැමති මේ තරගයත් සාමාන්‍ය තරගයක් විදියට සලකමින් අප විසින් කළ යුත්තේ කුමක්ද හා අපට කළ හැක්කේ කුමක්ද පිළිබඳව අවධානය යොමු කරන්නයි.”

“පාකිස්තානය භයානක කණ්ඩායමක් බව අපි සියළු දෙනාම දන්නවා. ඔවුන්ගේ දිනයේදී සාර්ථක ක්‍රීඩාවක් කරමින් ඕනෑම කණ්ඩායමක් පැරදවීමේ හැකියාව පාකිස්තානයට තියෙනවා. ඔවුන් පරාජය කරන්න නම් අපි ඔවුන්ට වඩා ඉහළින් සිටිය යුතුයි. ඉන්දියාව පරාජය කළා කියලා සෑහීමට පත්වීමක් අපට නැහැ. මේ වගේ තරගාවලියක සෑහීමට පත්වීමට හෝ තෘප්තිමත් වීමට ඉඩක් නැහැ.”

“තිසර හොඳින් ඉන්නවා. එයාගේ ඔළුවට බෝලයක් වැදුනා. නමුත් එයාට අමාරුවක් නැහැ. ඔහු හොඳ සනීපයෙන් ඉන්නවා”

“කුසල් ආපසු යාම අවාසනාවකි. නමුත් ධනංජයත් ඉතා හොඳ ක්‍රීඩක‍යෙක්. දැනට අපට ඉතිරි වෙලා ඉන්නේ පිතිකරුවන් හත් දෙනෙක් පමණක් නිසා අපට එයාව ගෙන්න ගන්න සිද්ධ වුනා. අපි තවමත් විකට්ටුව බැලුවේ නැහැ. විකට්ටුව පරීක්ෂා කරලා තරගය දින උදයේ අපි තීරණයක් ගන්නවා. තරගයට ක්‍රීඩා කිරීමේ ලොකු ‘චාන්ස්’ එකක් ධනංජයට තියෙනවා. නමුත් අපි තවම තීරණයක් අරගෙන නැහැ.”

“අපි අවධානය යොමු කරමින් සිටියේ දවසින් දවස දියුණු වෙන්නේ කොහොමද කියලයි. හැම තරගයකින්ම අපට ලැබෙන්නේ ඉගෙන ගැනීමේ අවස්ථාවකුයි. තවමත් ජාත්‍යන්තර තලයේ ක්‍රීඩාව පුරුදු නැති, තවමත් ඉගෙන ගන්න තරුණ ක්‍රීඩක පිරිසක් අපට ඉන්නවා. නමුත් පැහැදිලිවම දක්ෂතාව එතන තියෙනවා. අපිට කරන්න පුළුවන් මොකක්ද කියලා අපි දන්නවා. අපි එදා ඒක පෙන්නුවා.”

“අපි ගොඩක් ඉස්සරහට යන්න උත්සාහ කරන්නේ නැහැ. අපිට ඕන තරගයෙන් තරගය ගන්නයි. අපි දැන්මම අවසන් පූර්ව තරගයක් ගැන හිතන්නේ නැහැ. අපි පාකිස්තානයත් එක්ක තරග කරනවා. එච්චරයි.”

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site