Home News Politics ඥානසාර හිමි සඟවා ගෙන ඉන්නේ පාඨලී – තිස්ස විතාරණ කියයි

ඥානසාර හිමි සඟවා ගෙන ඉන්නේ පාඨලී – තිස්ස විතාරණ කියයි

199 views
SHARE

උසාවියේ පෙනී සිටින ලෙස නියෝගයක් නිකුත් කර සිටින ගලබොඩ අත්තේ ඥානසාර හිමි සඟවා සිටින්නේ ජාතික හෙළ උරුමයේ නායක පාඨලී චම්පික රණවක බව ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ පවසයි.

අද (12) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.

පුවත්පත් මාධ්‍යවල මෙම හිමි නම සඟවා සිටින්නේ ප්‍රබල දේශපාලඥයෙක් බව විවිධ ප්‍රකාශ නිකුත් වුවත් ඒ කවුරුදැයි නිශ්චිත වශයෙන් ප්‍රකාශ කිරීමක් සිදු නොකළ බැවින් තමා මෙම හෙළි කිරීම සිදු කරන බව ඔහු කියා සිටියේය.

ඥානසාර හිමි හා ජාතික හෙළ උරුමය අතර කිට්ටු සබඳතාවයක් පවතින අතරම එම හිමි නම මුලින් ජාතික හෙළ උරුමයේ සිටි බව ඔහු අවධාරණය කළේය.

ඥානසාර හිමි ජාතික හෙළ උරුමයේ කොළඹ දිස්ත්‍රික්කයේ අපේක්ෂකයෙකු ලෙස 2014 වසරේ තරඟ කළ බවද ඔහු පවසයි.

එමෙන්ම වර්තමාන ජාතික හෙළ උරුමයේ සභාපති වන හැදිගල්ලේ විමලසාර හිමි ද මුල් කාලයේ බොදු බල සේනාව සමඟ සම්බන්ධ වී සිටි බව ද තිස්ස විතාරණ පෙන්වා දෙයි.

ඒ හේතුවෙන් බොදු බල සේනාව හා ජාතික හෙළ උරුමය අතර සමීප සබඳතාවයක් පවතින බව වැඩි දුරටත් කියා සිටියේය.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site