Home News Breaking සෙල්ෆි නිසා ළඟදීම දුම්රියෙන් නව නීති

සෙල්ෆි නිසා ළඟදීම දුම්රියෙන් නව නීති

208 views
SHARE

දුම්රිය මාර්ගවල අපරික්ෂාකාරී ලෙස ගමන් කරමින් විවිධාකාර ක්‍රියාකාරකම්වල නිරත වන පුද්ගලයන් සම්බන්ධයෙන් විශේෂ නීතිමය වැඩපිළිවෙලක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව දුම්රිය ගමනාගමන අධිකාරී විජය සමරසිංහ කරනවා.

දුම්රිය මාර්ගවල ගමන් කරමින් සෙල්ෆි ඡායාරූප ගැනීම සහ දුම්රියට පැන සිය දිවි හානි කර ගැනීමේ සිද්ධීන් පිළිබදව පසුගිය දින කිහිපය තුළ පුවත් වාර්තා වුණා.

ඊට ආසන්නතම සිද්ධීන් ලෙස වාර්තා වූයේ කොල්ලුපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේදී සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගිය එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වීම සහ කහව දුම්රිය ස්ථානය ආසන්නයේදී යුවලක් සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට ගොස් සැමියා සහ බිරිඳ දුම්රියේ ගැටී තරුණයා මිය යාමේ සිද්ධියයි.

වසරේ ගතවූ මාස හයක කාලය තුළ දුම්රිය සෙල්ෆි ඡායාරූපය ගැනීමෙන් සහ ජංගම දුරකථන පරිහරණය කරමින් දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියදී දුම්රියේ ගැටී පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව දුම්රිය ආරක්ෂක අධිකාරි අනුර ප්‍රේමරත්න සඳහන් කළා.

කෙසේ වෙතත්, අදාළ කරුණු සලකා බලමින් ඉදිරියේදී දුම්රිය ආරක්ෂක අංශයේ සහ මහජනතාවගේ සහාය ඇතිව නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවයි දුම්රිය ගමනාගමන අධිකාරීවරයා වැඩිදුරටත් කියා සිටියේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site